මාතලේ දිස්ත්‍රික්කයේ මහ මැතිවරණ ප්‍රතිඵලය අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ තිදෙනකුට පාර්ලිමේන්තු වරම් අහිමිවී නවකයන් දෙදෙනකු පාර්ලිමේන්තු වරම් දීමට මාතලේ ජනතාව තීන්දුව ලබාදී තිබේ.
ඒ අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පවතී ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු වූ වසන්ත අලුවිහාරේ රංජිත් අලුවිහාරේ යන අයියා මලෝ දෙදෙනා ම පරාජයට පත්ව තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් අවස්ථා දෙකක දී මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු වරම් දිනාගෙන සිටි නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ මෙවර මහමැතිවරණයට විශාල මුදල් වියදම් කළ බව කියන ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාටද මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි විය තිබේ.
මතලේ දිස්ත්‍රික්කයේ කිසිදු ආසනයක් නියෝජනය නොකරමින් මැතිවරණයට ඉදිරිපත් වූ නාලක කෝට්ටෙගොඩ හා ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන නවකයන් දෙදෙනා මෙවර කුළුදුලේ පාර්ලිමේන්තු වරම් හිමි කරගෙන තිබේ.
මාතලේ දිස්ත්‍රිකයේ මැතිවරණ ප්‍රතිඵලය අනුව පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් රෝහිනී විජේරත්න යන දෙදෙනා ද මෙවර පාර්ලිමේන්තු වරම් හිමි කරගෙන තිබේ.
පසුගිය මැතිවරණයෙන් පරාජයවූ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වූ රෝහණ දිසානායක මහතාද මෙවර පාර්ලිමේන්තු වරම් හිමිකරගෙන ඇත .
පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ මාතලේ අලුවිහාරේ පවුල පාර්ලිමේන්තුව දිගටම නියෝජනය කළ ද මෙවර මහ මැතිවරණයෙන් අළුවිහාරේ පරපුරේ කිසිදු අයකුට පාර්ලිමේන්තු වරම් අහිමි වීමද මාතලේ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵලයේ විශේෂත්වයකි.