මාතලෙන් හමුවු කෙරෝනා ආසාදිතයාගේ පවුලේ ඥාතීන් නිරෝධායනයට
මාතලේන් හමුවු කොරෝනා ආසාදිතයාගේ නිවසසේ පදිංචි පවුලේ සාමාජිකයින් දින 14ක් ස්වයං නිරෝධායනය සදහා යොමු කිරිම අද (06) වන දින සිදු කෙරුණී.
මාතලේ දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වසන්ත බංඩාර මහතා ඇතුව සෞඛ්‍ය අංශ නියෝජිතයින් එම පුද්ගලයා පදිංචිව සිටි මාතලේ පල්ලේපොල ඇහැලේපොල පදිංචි නිවස වෙත ගොස් එම පවුලේ සාමාජිකයින් පසුගිය දින කිහිපය ආශ්‍රය කළ පුද්ගලයින් හා ගැවසුන ස්ථාන පිළිබදව විමසා එම පවුලේ සාමාජිකයින් පි.සි.ආර් පරික්ෂණයක් ලබා ගැනිමට අවශ්‍ය පියවර ගනු ලැබීය.
කොවිඩ් 19 ආසාදිතයෙකු බවට හදුනා ගත් පුද්ගලයා මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ කළමණාකරුවෙකු ලෙස සේවය කළ වයස අවුරුදු 50ක දෙදරු පියෙක්වන අතර ඔහු මාතලේ දිස්ත්‍රික් මහරෝහලේ පිහිටුවා ඇති කොවිඩ් 19 වාට්ටුව තුළ විශේෂ ආරක්ෂිත තත්වයන් ප්‍රතිකාර ලබමින් සිටි අතර අද (06) වන දින වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ඒකනායක මහතා පැවසීය.
මාතලේ - රවීන්ද්‍ර විරාජ්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

