මාකඳුරේ මධූෂ්ගේ අපරාධ ලැයිස්තුව දිග හරියි
ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපාරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් රඳවා තබාගෙන විමර්ශන කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
එසේම ඔහු ව්‍යාජ ලෙස ගුවන් බලපත්‍රයක් භාවිත කරමින් 2015 වසරේ ජුනි 2දා ලංකාවෙන් පිටත්ව ඇති බවත් එහිදි ව්‍යාජ ලෙස වර්ණකුලසූරිය අජිත් අරංග යන භාවිත කර ඇති බවත් ඔහු පැවැසීය.එම ගුවන් බලපත්‍රයට 241/A ජා ඇලපාර, ගම්පහ යන ලිපිනය භාවිත කර ඇති බවත් එහි සඳහන් උපන්දිනද වැරදි බවත් ඔහු සඳහන් කළේය.
මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන්
ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස්කිරීම හා විදෙස් ගතවීම
2017/5/9 පිළියන්දළදී වෙඩි තබා පොලිස් නිලධාරියෙක් හා කුඩා දැරියක් ඝාතනය කිරීම හා තවත් පිරිසකට බරපතල තුවාල සිදුකිරීම
2017/12/27 කලුතර බන්ධනාගාර බස්රථයකට වොඩි තබා නිලධාරීන් 2ක් හා රැඳවියන් 5ක් ඝාතනය කිරීම
2018/03/8 කොස් මල්ලි ඝාතනය කිරිම හා ඔහුගේ හිස හා කඳ කොටස වෙන් කිරීම
2006/6/11 ඩැනී හිත්තැඩටිය ඝානනය හා තවත් කොල්ල කෑම් හා ඝාතන කිහිපයක් පිළිබඳව විමර්ශන.
විදෙශ ගතව සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ සිදුකිරීම හා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීම යනාදී කරුණු කිහිපයක් පිළිබඳව විමර්ශන කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

popular news
-
Champa Monday, 06 May 2019 10:06 AM
ඇයි අන්තිම එක? තමන් වෙනුවට තමන් වගේ පේන වෙන මිනිහෙක් තමන්ගේ ඇඳුම් අන්දලා ලංකාවට පිටුවහල් කිරීම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

