පොල්ගහවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මාංචු සමඟ ඊයේ (12දා) සවස පළා ගොස් ඇත.
නීතිවිරෝධී මත්පැන් පිළිබඳ ලද තොරතුරකට අනුව පොල්ගහවෙල පොලීසියේ නිලධාරීන් විසින් වැල්ලෑව ප්රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිසිය කළ ප්රශ්න කිරීම්වලදී සඟවා ඇති නීති විරෝධී මත්පැන් සෙවීම සඳහා ළඳු කැලෑවක් ආසන්නයට යාමේ දී මෙසේ සැකකරු මාංචු සමඟ පැන ගොස් ඇත.
එම පැන ගිය සැකකරු ඊයේ සවස් වන තුරු සොයා ගෙන නැති අතර එම ප්රදේශයේම පදිංචි වයස අවුරුදු 25 ක පමණ පුද්ගලයක් මෙසේ පොලීසියෙන් මිදී පළා ගොස් ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ද පොලිසිය පවසයි.
අලව්ව අධිකාරි මුදියන්සේ