මහ බැංකුවේ පවතින දුර්වලතා හා අකාර්යක්ෂමතා පිළිබඳව මහ බැංකුවේ නිලධාරින්ට දෝෂාරෝපනය කරන විට තමාට සිහි වූයේ එය අග්‍රාමාත්‍යවරයා සතු මුදල් අමාත්‍යංශයට අයත් ආයතනයක් වන බවත්, එම නිලධාරින්ගේ අකාර්යක්ෂමතාවයන් පැවතීම රටේ ආර්ථිකයට බලපෑම් කරනු ලබයි නම් එයට අමාත්යංයශය භාරව කටයුතු කරන අමාත්‍යවරයාත් වග කිව යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.
අද (18) කොලොන්නාවේ පිහිටි සිය මැතිවරණ සම්බන්ධීකරණ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.
එලෙසම එම චෝදනාව ජනාධිපතිවරයා විසින් එම නිලධාරින්ට මෙන් ම එම අමාත්‍යාංශය භාර ඇමතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාටත් එල්ල කරන්නේ නම් නිලධාරින්ට කළ චෝදනාව මැතිවරණය උදෙසා කරන ප්‍රචාරණ වැඩපිළිවෙලකින් තොරව අවංකව ම කරන ලද්දක් බව වැටහී යනු ඇති බවත් ඔහු පැවැසීය.
වැඩි දුරටත් කරුණු දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පොදු ජන පෙරමුණින් හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් ම තරග වැදීම තුළින් ගම්‍ය වන්නේ පිලිවෙලින් එක් අයෙක් වසර දහයකුත් අනෙත් කෙනා වසර පහකුත් රාජ්‍ය පාලනය කර රට හදන්න බැරිව නැවතත් බලය ඉල්ලනවා කියන අසාර්ථක ඉල්ලීම නොවේ ද යන්නයි.
රට ගොඩ නගන්න නම්, මෙවර පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ තරුණ නිර්මාණශීලී ජවසම්පන්න පිරිසක් බව ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.