මහ බැංකුවේ විෂමතා මගහරවා ගත යුතුයි
මහ බැංකුවේ විෂමතා මඟහරවා ගන්නේ නම් පොලී අනුපාතිකය 5%ක මට්ටමකට රැගෙන ආ හැකි බවත් ඒ හරහා ආර්ථිකය ගොඩ නංවා ගත හැකි බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහත් පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභීන්ට සමෘද්ධි හිමිකම් ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"1948 සිට මේ රට සංවර්ධනය කළාට තවමත් රට තුළ දුප්පත්භාවය තිබෙනවා. මේක ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි. ජනතාවට සමෘද්ධි ආධාර ලබා දුන්නා කියලා ඔවුන්ගේ දුප්පත්භාවය නැති කරන්න සාර්ථක විසදුමක් වෙන්නේ නැහැ.
ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරකන්න රැකියා අවස්ථා ලබාදීමයි අපි අරමුණු කරන්නේ. මේ දේවල් කරන්න යද්දි තමයි යම් පිරිස් ඒ දේවල් වලට බාධා මතු කරන්නේ.
අපට අවශ්‍ය වන්නේ සහජ හැකියාවට අවස්ථාව ලබා දෙන්න. අසල්වැසි රටවල පොලි අනුපාතය 6% - 7% තියෙද්දි. ලංකාවේ පොලී අනුපාතය 15% - 16% ක් වෙනවා. මේ නිසා තමයි සහජ හැකියාවන් තිබෙන පිරිස් වලට ඒ තුළින් තම ආර්ථිකය ගොඩනගා ගන්න ණය මුදලක් ලබාගන්න බැරිවෙලා තිබෙන්නේ.
මහ බැංකුවේ මේ විෂමතා මගහරවා ගන්න පුළුවන්නම්, පොලී අනුපාතය 5% ක් වැනි තත්ත්වයකට ගේන්න පුළුවන්නම්, මේ විදියට ජනතාවට සමෘද්ධියක් මොකටද. වෙනසක් ඇති කළ යුත්තේ ඒ ආකාරයටයි.”

popular news
-
Bandula. Monday, 24 June 2019 11:34 AM
අනේ මන්ද මහා බැංකුව ගැන කියනකොටනම් හිනත් යනවා, බැදුම් කර මතක් වෙනකොට, ඒ ගැන මොකුත් නැද්ද?
Reply : 0 0
modaya Monday, 24 June 2019 12:59 PM
කටින්ද කතා කරන්නේ!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

