මහියංගණ ප්රාදේශිය ලේකම් කාර්යාලයේ බතලයාය වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා ලෙස කටයුතු කරන එච් එම් වසන්ත සෙනෙවිරත්න මහතාගේ දඹාන බෙලිගල්ලේ නිවසට පැමිණි මැර කණ්ඩායමක් ඊයේ (05) සවස සිදු කල පහරදීමක් හේතුවෙන් ප්රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්රතිකාර සදහා බදුල්ල මහරෝහල වෙත මාරුකර යවා ඇති බව මහියංගණ පොලීසිය පවසයි.
මහියංගණ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තේනුක විදානගමගේ මහතාගේ ආධාරකරුවන් පිරිසක් රථ පෙළපාලියකින් පැමිණ ඊයේ (05) හවස ප්රහාරය සිදු කල බවට වසන්ත මහතා පවසනවා.
බදුල්ලේ ඩිලාන් පෙරේරා මහතා හට දේශපාලනික වශයෙන් උදව් උපකාර සිදුකලහේතුව මත මෙම ප්රහාරයට ලක්වු බවත්, එකම පක්ෂයේ මනාප පොරයට මෙම පහරදීම සිදු කල බව රෝහල් ගතව ප්රතිකාර ලබන වසන්ත මහතා වැඩිදුරටත් ප්රකාශ කර සිටි.
ප්රහාරය සම්බන්ධයෙන් මහියංගණ මුලික රෝහලේ පොලිසිය විසින් ප්රකාශ සටහන් කරගෙන මහියංගන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර පහරදීම සම්බන්ධයෙන් අද (06 ) සවස 3.00 වනතුරු කිසිවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැත.
මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තේනුක විදානගමගේ මහතාගෙන් දුරකථයෙන් විමසීමට උත්සාහ ගත්තද ඒ සදහා ප්රතිචාර නොලැබුනි.
මහියංගණ - රංජිත් කරුණාජීව
