මහින්ද රාජපක්ෂ මහතාට චයිනා හාබර් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක් (රුපියල් කෝටි 99 ආසන්න මුදලක්) ලබාදුන් බව කියන සිදුවීම චීන තානාපති කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කර නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
2015 ජනවාරි ජනාධිපතිවරණයේ වියදම් සඳහා චයිනා හාබර් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක් (රුපියල් කෝටි 99 ආසන්න මුදලක්) ලබාදුන් බව සඳහන් කරමින් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව සම්බන්ධයෙන් අද (02දා) පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
“ලංකාවේ චීන තානාපති කාර්යාලය මේ ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. චීන තානාපති කාර්යාලය කිව්වද මේ කාරණය බොරුවක් කියලා. කිව්වේ නැහැ. එය ප්‍රතික්ෂේප කළේ නැහැ. චීන තනාපති කාර්යාලය මේ මුදල් ලබාදීම ප්‍රතික්ෂේප නොකරන නිසා ඒකෙන් අපට හැඟීමක් ඇති කරගන්න පුළුවන් හේතුව මොකක් වුණත් මුදල් හුවමාරුවක් සිදුවෙලා තියෙනවා කියලා. මේ සල්ලි මොකටද ගත්තේ කියලා හොයලා බලාගන්නයි දැන් අපට තියෙන්නේ “ යැයි පැවසීය.
