මහින්ද-ගෝඨා කාලයේ අපරාධ 55,000ක් - පාඨලි
වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලය තුළ අපරාධ 55,000ක් සිදුව ඇති බවත්, පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වත්මන් රජයේ මැති ඇමතිවරුන්ගේ සම්බන්ධයක් ඇත්නම් ඔප්පුකර පෙන්විය යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.
අමාත්‍යාංශය යටතේ කතරගම ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමින් අද (22දා) අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපරාධ සහ මත්ද්‍රව්‍ය වැඩිවෙලා කියන චෝදනා සංඛ්‍යාලේඛන සමග ගත්විට එය සත්‍යයක් නොවෙයි. මෙරට වැඩිම අපරාධ සංඛ්‍යාවක් සිදුව තිබෙන්නේ 2013 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ.
එය සංඛ්‍යාත්මක වශයෙන් 55,000ක්. 2017 වර්ෂයේ අපරාධ සිදුව තිබෙන්නෙ 30,000යි. 55,000 යටතේ මිනීමැරුම්, පැහැර ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදිය සිදුවුණා. ඒ වගේම එම කාලයේ ආණ්ඩුවට සම්බන්ධ පාතාල ලෝකය, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, එතනෝල් ජාවාරම්කාරයෝ ආරක්ෂා වුණා. ආණ්ඩුවට සම්බන්ධ නැති පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ, එතනෝල් ජාවාරම්කාරයෝ මර්දනය කළා. ඒ අනුව ආණ්ඩුවට සම්බන්ධ නැති අයව මර්දනය කළා.
අද එහෙම නැහැ, එහෙම දෙයක් තිබෙනවා නම් අසුවල් දේ දේශපාලනඥයා කියලා සාක්ෂි සාධක ඇතිව ඉදිරිපත් කළ යුතුයි. එවිට රජය එයට නීතිය ක්‍රියාත්මක කරනවා.
මෙම ආණ්ඩුවේ තිබෙන විශේෂත්වය තමයි මැති ඇමතිවරුන්ට පවා ඍජුව, දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. මහින්ද රාපපක්ෂමහත්මයගේ කාලයේ වගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයො අහුවුණාම ජනාධිපති යන්නේ නැහැ ගෙදරට ඒ අයව බේරගන්න. ඒ වගේම මහපාරේ වෙඩි තියලා දාන්නේ නැහැ, සුදුවෑන් එවන්නේ නැහැ, තමන්ගේ ජාවාරම්කාරයා, නොවන ජාවාරම්කාරයෝ ආරක්ෂ කරන්න.
ඒ වගේ දේවල් අද සිදු වෙන්නේ නැහැ. එදත් තිබුණේ මෙහෙමයි, අදත් මෙහෙමයි කියලා නිකන් බොරු චෝදනා කරන්න අවශ්‍ය නැහැ. අද පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට රජයේ මැති ඇමතිලාගේ සම්බන්ධයක් ඔප්පු වෙලා නැහැ. පුළුවන්නම් ඔප්පු කරලා පෙන්වන්න ඒ සඳහා රජය ඍජුව ක්‍රියාත්මක වෙන්න අපි බැඳී සිටිනවා“ යැයි පැවසීය.

popular news
-
Manel Sunday, 22 July 2018 08:08 PM
මහින්ද! මහින්ද! මහින්ද! අපි මහින්ද එක්ක හිටියෙත් නෑ> දන්නෙත් නෑ.
Reply : 1 0
Champa Monday, 23 July 2018 08:33 AM
2013දි 55,000ක් 2010දි 50,000ක්. 2005 මහින්ද එනකොට අපරාද 59,000ක්. මහින්දගේ ආණ්ඩුවේ ඔබත් හිටියනේ ඒ කාලේ. ඇමතිවරයෙක් විදියට. ඔය කියන හැම දේටම ඔබත් හවුල්. පරණ කතා වැඩක් නැහැ. ගෙවල් බිඳුම් වගේ ඒවා හුඟක් අඩු වෙලා තියෙනවා දැන්. ඒ මොකොද ඊට වඩා හොඳට හොයන්න පුළුවන් කුඩු business වලින්. ඒ කාලේ වැරදි වුනා නම් ඒවාට අප්‍රසාදය පල කරලා තමයි මිනිස්සු මහින්දව ගෙදර යැව්වේ. මේ ආණ්ඩුව යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම් අඩු කියන එක බොරුවක්. පොලිස් website එක කියන විදියට 2010 මත්කුඩු නඩු 1153ක් වෙනකොට 2017 මත්කුඩු නඩු 2875ක්. දේශපාලකයෝ සම්බන්ධ නැත්නම් මරණ දණ්ඩනයට නියම වෙච්ච හිරකාරයෝ ඇතුලේ ඉඳන් business කරන්නේ කොහොමද calls 3000ස් ගණන් අරන්? Mobile marketing! :) :) මිනිස්සු ඔත්තු දෙන්න දෙයක් නැහැ. Calls ටික බැලුවනම් පෙනෙයි කාටද කතා කරලා තියෙන්නේ කියලා. මේ මාස 6ට විතරක් මිනීමැරුම් 250ස් ගානක් කියලා පොලිසියම කියනවා. මිනිස්සු මරු විකල්ලෙන් වගේ තමන්ගේම මිනිස්සු මරනවා. මිනීමරුවන්ටත් අත්හිටවු සිර දඬුවම් දෙන රටක් මේක. කරන්න ඕනේ නීති තද කරන එක. ආණ්ඩුවට ඒකට කොන්දක් නැහැ. සංසන්දනය කර කර ඉන්නවා.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

