මහින්දට ඉදිරියේදී මඩ - ශෙහාන්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා පසුගිය ආණ්ඩුවට විරුද්ධව ‘නිව්යෝක් ටයිම්ස්’ ලිපියට එහා ගිය තවත් මඩ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා බටහිර රටක පිහිටි රාජ්‍ය නොවන සංවිධානයකට බාර දී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (12දා) පැවසීය.
වත්මන් රජයට බලයට පත්කිරීම සඳහා සහය ලබාදුන් එම රාජ්‍ය නොවන සංවිධානය විසින් අසත්‍ය කරුණු නිර්මාණය කරගෙන යන බවට තොරතුරු ලැබී තිබෙන බවත්,ඉදිරි කාලයේදී මඩ ව්‍යාපෘතිය සමාජයට මුදාහැරීමට නියමිත බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රෙය් පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පවසා සිටියේය.
මංගල සමරවීර මහතා ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත උපයෝගී කරගෙන හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව මඩ ප්‍රචාරයක් ගෙන යෑමට ගත් උත්සහය අසාර්ථක වූ බවත්, ‘නිව්යෝක් ටයිම්ස්’ ලිපිය අසත්‍යයක් බවට සමාජය හමුවේ ඔප්පු වී තිබෙන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

popular news
-
rocky Friday, 13 July 2018 06:08 AM
මහත්තයෝ, ඔය කතාවලට රැවටෙන්න .. අපි කොන්ඩේ බැඳපු චීන්නු නෙවි.නිවු යෝර්ක් ටයිම්ස් වගේ පත්තරයක් ඔය කාටවත් නටවන්න ලේසි නැහැ. පුළුවන් නම් ඔය ගොල්ලොත් උත්සහ කරලා බලන්නකෝ. ලොක්කාට කවුරුවත් මඩ ගහන්න ඕන නැහැ. පවුල පිටින්ම මඩ නාලා ඉන්න බව විචාර බුද්ධියක් ඇති අයට පේනවා. ඒ බව නොපෙනෙන්නේ තවමත් ඒ සමගම මඩේ ලග ගන ඉන්න අන්තේවාසිකයන්ට පමණයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

