මහින්දගේ කාලේ කිව්ව නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - ජී. එල්
නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරම් මහත්මිය එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතුයැයි පසුගිය රජය සමයේදී ප්‍රකාශයක් සිදුකළේ නම්, මහින්ද රාජපක්ෂ මහතා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා අද (03දා) පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් පොරොන්දු වී සිටින මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ෂව අදහස් දක්වා තිබීම නිසා ඇමති ධුරයෙන් ඉවත් කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සිටි රජයේ නිල උත්සවයකදී නියෝජ්‍ය ඇමතිවරිය සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධව රජය ක්ෂණික ක්‍රියාමාර්ග ගත යුතු බවත්, දුර්වල පාලනයක් රට තුළ තිබෙන බැවින් දිගින් දිගටම ඇය එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවත් ප්‍රකාශ කරමින් සිටින බවත් සභාපතිවරයා පැවසීය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙම ප්‍රකාශය සම්බන්ධව සිය ස්ථාවරය රටට පැහැදිලි කළ යුතු බවයි.

-
Pothe gura Wednesday, 04 July 2018 05:50 AM
Ape pothe ehema athe
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

