මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රටේ බුද්ධි අංශ සහ බුද්ධි තොරතුරු පවා විජාතිකයන්ට පාවා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“රට චීනෙට උගස්කරලා සින්නක්කරව ලියා දීලා ඒ ගත්ත අල්ලස්වලින්ම රටේ ජනතාවගේ ජන මනස විකෘති කරලා රටේ ජනතාව ගොනාට අන්දන්න කටයුතු කරන රාජපක්ෂ රෙජිමය කටයුතු කළා. රටේ අයිතිය වෙන අයට පවරලා විතරක් නතර නොවුණු රාජපක්ෂ රෙජිමය රටේ බුද්ධි අංශ, බුද්ධි තොරතුරු පවා වෙනත් රටවලට පාවා දුන්නු විදිහ නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙළිකර තියෙනවා.
සුනාමි ව්‍යසනය වෙලාවේ තමනගේ ප්‍රදේශයේම ජනතාවට ආධාර දෙන්න වෙන් කරපු හෙල්පින් හම්බන්තොට ගිණුම රාජපක්ෂ මහත්තයලා එකතු වෙලා වාෂ්ප කරපු විදිහ ගැන නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් තමා දුක් වෙන බව හිටපු අගවිනිසුරුවරයා පහුගිය කාලයේ මාධ්‍ය හමුවේ සඳහන් කළා. ඔන්න ඒ කාලේ නීතියේ හැටි.
අප සතුව බොහෝ තොරතුරු තිබෙනවා.චෙක්පත් මාරු කරපු විදිය,මාරු කරපු බැංකු පිළිබද තොරතුරු තිබෙනවා. පුෂ්ප රාජපක්ෂගේ ගිණුමට මුදල් බැර වුණු ආකාරය අද හෙළි වී තිබෙනවා. මේ දේවල්වලට වන්දි ගෙවන්න වෙලා තියන්නේ රටේ ජනතාවටයි.” යැයි ද පවසා සිටියේය.
