මහින්දගෙන් මෙරට මාධ්‍යයටත් නඩු
'ද නිව්යෝක් ටයිම්ස්' පුවත්පත පළකළ අසත්‍ය වාර්තාව ප්‍රචාරය කළ මෙරට රූපවාහිනී සහ පුවත්පත්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කුරුණෑගල වැව රවුමේ පිහිටි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසේ පෙරේදා (01දා) පැවැති මහජන හමුවකදී හෙතෙම ප්‍රකාශ කළේය.
එම පුවත පළකර අපහාස කිරීමට එරෙහිව මෙලෙස නඩු පවරන බවත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තම නීතිඥවරුන් හරහා අදාළ රූපවාහිනී ආයතනවලට සහ පුවත්පත් ආයතනවලට එන්තරවාසි යැවීමට උපදෙස් දුන් බවත් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේය.
"දැන් ගෙනැල්ලා තියෙනවා බිලියන දහඅටක්, බිලියන හයයි ගාණකට බස්සලා සාරි සහ ටී-ෂර්ට් කතාවක්. ලංකාවේ එක් කාන්තාවකට මේ සල්ලිවලින් සාරි හතරක් දෙන්න පුළුවන්ලු. ඊළඟට එක පිරිමියෙකුට මේ සල්ලිවලින් ටී-ෂර්ට් දොළහක් දෙන්න පුළුවන්ලු. මම දැක්කා මේ ගැන ෆේස්බුක් එකෙත් දාලා තියෙනවා. මම නොවෙයි ඔය ගණන් හැදුවේ හැබැයි කතාව මේ විදිහටයි දාලා තියෙන්නෙ.
බලන් ගියාම අපේ රට තමයි ලෝකයෙන්ම දැන් පොහොසත්ම රට. අපි දැන් ලෝකෙම පරද්දලා. ඇමෙරිකාවේ ට්‍රම්ප්ට තියෙනවා කියන්නේ ඩොලර් මිලියන දෙකක වත්කමක්ලු. එහෙම වුණාම මම මොකටද ට්‍රම්ප් බලන්න යන්නෙ. මේක මහා විහිළුවක්. මේක දැන් රූපවාහිනිය හොඳටම දානවා. මේ දවස්වල මේ ගැන රූපවාහිනියේ හරිහරි තර්ක. මට දැන් කියලා තියෙනවා මේ බොරු කතාවලට විරුද්ධව නඩු දාන්න කියලා. මම දැන් 'ලෙටර් ඔෆ් ඩිමාන්ඩ්' එකක් යවන්න ලෑස්ති කරලා තියෙනවා.
පක්ෂෙනුත් යවනවා. පක්ෂයටත් මේ හැම චෝදනා කරලා තියෙවානේ. මගේ සාක්කුවට දුන්නා කියලා නෑනේ. පක්ෂයට දුන්නා කියලානේ කියන්නේ. අපි මේ ගැන නීතිමය පියවර ගන්න පක්ෂයේ නීතිඥවරුන්ට උපදෙස් දීලා තියෙනවා. මේ අසත්‍ය තොරතුරු පළකරලා අපිව අපහාසයට, අපහසුතාවයට පත් කළාට විරුද්ධව නඩු දාන්න කියලා. පිටරට සල්ලි කවදාවත්ම අපි අපේ මැතිවරණ ප්‍රචාරණවලට පාවිච්චි කරලා නැහැ."
ගීතාංජලී ප්‍රියදර්ශනී

-
Ruwan Tuesday, 03 July 2018 01:11 PM
බොරු කෑගසිලි එපා නඩු දාන්න නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේට විරුද්වධ. ලංකාවේ නඩු වසර දෙකක් විතර යන නිසා ඔබට තලු මර මර මේ ගැන තර්ක කර කර ඉන්න පුළුවන් කියලා ඕනේ මෝඩයෙක් දන්නා කරුණක්. පුලුවන්නම් දාන්න නඩුවක් ඇමරිකාවේ පත්තරේට විරුද්ධව. ගැලරි ටෝක් දැන්වත් නවත්වන්න මහින්ද මහත්තයෝ.
Reply : 0 181
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

