ඩුබායි රටේ සිට මෙහෙයවන මහා පරිමාණ මත්කුඩු ජාවාරමකට අයත් රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක මුදලක් තැන්පත් බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පිළියන්දල මොරටුව පාරෙදි හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 1720 සමග ඊයේ ( 22) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ මත්කුඩු ජාවාරම ඩුබායි රටේ සිට මෙහෙයවන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් ධර්මසිරි නැමැත්තා ඥාති පුතකු වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රත්මලාන සැකකරුගේ නිවෙස පරික්ෂා කිරීමේදී පුළුස්සා දමා තිබූ බැංකු පොතක සඳහන් ගිණුම් අංකය ඔස්සේ සිදු කළ පරික්ෂාවේදී මෙම සැකකරු එම මත්කුඩු ජාවාරමේ මුදල් කළමනාකරු බවට හඳුනා ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මත්කුඩු ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත් වූවොත් ඔහු සඳහා අවශ්‍ය නීතිඥ ගාස්තු එම පුද්ගලයාගේ නිවෙස් අය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීම සිදු කෙරුණේ මෙම පුද්ගලයා හරහා බව ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඒ සඳහා සැකකරුට මාසික වැටුප රුපියල් පනස් දහසක මුදලක් ලැබෙන බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී වැඩිදුරටත් අනාවරණ වූ උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.
වයස අවුරුදු 34 ක් වන සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහත්වරුන්ගේ ,උපදෙස් මත ,,පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් පරිපාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් කොඩිතුවක්කු මහත්වරු පරීක්ෂණ පවත්වයි.
