මහසෝන් බළකායේ අමිත් යළි රිමාන්ඩ්
මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
ඒ එම නඩුව අද (9දා) තෙල්දෙණිය දිසා අධිකරණයේදී විභාග වූ අවස්ථාවේදීය.
එහිදී එම නඩුව විභාගයට ගත් දිසා විනිසුරු ශානක කළන්සූරිය මහතා විසින් අමිත් වීරසිංහ මහතා මෙම මස 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබේ.
මීට අමතර මහනුවර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු තවත් සැකකරුවන් 10 දෙනෙකු අධිකරණය අද ඇප මත මුදාහැරීමට කටයුතු කර තිබේ.

popular news
-
Champa Monday, 09 July 2018 06:38 PM
විජයකළා එළියේ.
Reply : 0 0
සුමිත් Tuesday, 10 July 2018 07:50 AM
"මහතා?????" උසාවියට ඉදිරිපත් කර ඇති ප්‍රධාන සකකාරයෙක් ට "මහතා" යනුවෙන් ඇමතීමට තරම් ලංකාදීපේ බංකොලොත් වෙලාද ???
Reply : 0 0
Champa Tuesday, 10 July 2018 04:49 PM
ජනමාධ්‍ය ආචාර ධර්ම සහ සදාචාර ප්‍රතිපත්ති රකින අද, ලංකාදීප අනිත් ජනමාධ්‍ය වලටත් දෙන්නේ ආදර්ශයක්. රක්ෂිත බන්ධනාගාර ගත කළා කියන්නේ වරදක් කරලා කියලා ඔප්පු වෙලා නැහැ කියන එක. උසාවියෙන් ඔප්පු වෙනකම් ඔහු සැකකරුවෙක්. ප්‍රභාකරන්ටත් මහතා, මැතිතුමා කියපු රාජිතයි චන්ද්‍රිකයි ගැන ඔබට අමතක වුනේ කොහොමද? (මේක ලංකාදීප පත්තරයක් කියල මම දැන ගත්තේ අද. කමක් නැහැ. ලංකාදීපෙට වඩා වෙනස් හැබැයි.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
