මහර සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු ඩි. එන්. ඒ පරීක්ෂණයට
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මිය ගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය හඳුන් විජයවර්ධන මහතා විසින් ඩි එන් ඒ පරීක්ෂණ සඳහා එම රැඳවියන්ගේ රුධිර හා කෙස් සාම්පල මෙන්ම ඊට අමතරව සියලුම මෘත ශරීරවල ඡායාරූප හා ඇඟිලි සලකුණු ද ලබා ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය .
ඒවා ලබාගෙන ඇත්තේ පසුකාලීනව හෝ ඕනෑම අවස්ථාවක හඳුනා ගැනීමත්, ඒ වගේම එම මෘත ශරීර කාගේ කවුදැයි නිශ්චය කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම දත්ත මේ වන විට ලබා ගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
ඒ වගේම මෘත ශරීර 7 හඳුනාගෙන ඇතැයි ද 4 ක පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර තිබෙන බවත් එකම මළ සිරුරක් හෝ ආදාහන කිරීමක් හෝ වැළලීමක් සිදු කරන නොමැති බවත් ඒවා රාගම රෝහලේ අධිශීතකරණ වල සුරක්ෂිතව තැන්පත් කර තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 146 දින පුද්ගල ප්‍රකාශ ලබා ගෙන ඇතැයි ද ඒ අතර වෛද්‍යවරුන් 12 දෙනකු ,බන්ධනාගාර නිලධාරීන් 54 දෙනකු ,හෙද නිලධාරින් 7 දෙනකු හා රැඳවියන් 73 දෙනකුගේ ප්‍රකාශ ලබාගෙන ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

