මහරගමට ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක්
මහරගම නගරය ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දැනටමත් මහරගම නගරය රෙදිපිළි ආශ්රිත කර්මාන්ත සඳහා ප්‍රසිද්ධියක් උසුලන හෙයින් ප්‍රදේශයේ පහසුකම් වැඩිදියුණු කර දේශීය විදේශීය ජනතාවට අවශ්‍ය රෙදිපිළි ඇතුළු අනෙකුත් භාණ්ඩ මිල දී ගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරිම හරහා ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීමට අදහස් කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
(2020.07.22) කොළඹ තලවතුගොඩ ප්‍රදේශයේ පැවැති හමුවකට එක්වෙමින් මෙසේ පැවසූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි වසර පහ තුළ රටපුරාම එවැනි සැළසුම් සහගත ආකාරයක වැඩපිළිවෙලක් දියත් කිරීමට සූදානම් කර ඇති බවයි.
ජනතාවගේ නිවාස ගැටළුව විසදා තමන්ගේම නිවසක් හිමිකර දීමට පුද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කරන බවද මෙහිදී සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා 69 ලක්ෂයක ජනතාවක් අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල තුළ මෙවැනි ජනතා ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කර ඇති බවද පෙන්වා දුන්නේය.
popular news
-
hubert Thursday, 23 July 2020 11:25 AM
Thawa boru mokatada
Reply : 0 0
69 lakshen ekek Thursday, 23 July 2020 12:54 PM
maharagamin Meeharak mas export karathahakine
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
