මොහොමඩ් සිද්ධික්ට අැප නියම වෙයි
හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 1/2කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවූ ලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (28දා) ඇප නියම කළේය.
රුපියල් ලක්ෂ 10ක මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත සැකකාර මොහොමඩ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව ඔහුට විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක්ද පැනවීය.
ඇපකරුවන්ගෙන් එක් අයෙකු ළඟම ඥාතියකු විය යුතු බව නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව මසකට දෙවරක් රහස් පොලිසියේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවීය.
මුදල් විශූද්ධීකරණ පනත යටතේ වන අදාළව වසර 3 1/2කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන මොහොමඩ් මකීන් මොහොමඩ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළේය.
2014 වසරේ ජනවාරී මාසයේ සිට 2014 වසරේ මැයි මාසය දක්වා වු කාලය තුළ හෙරොයින් ජාවාරම් කිරීමෙන් නිතීවිරෝධී ආකාරයෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ වසර 3 1/2කට අධික කාලයක් මොහොමඞ් මකීන් මොහොමඩ් සිද්ධික් නමැත්තා රිමාන්ඩ් බාරයේ පසුවිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි නීතීඥ ලක්ෂමන් පෙරේරා මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සිද්ධික් නමැත්තාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ ඇප ඇයැදුම්පතේ වගඋත්තරකාර නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ශ්රමින්ද වික්‍රම මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකරු හෙරොයින් ජාවාරම කිරීම සම්බන්ධයෙන් වු සිද්ධියක සැකකරුවකු යැයි පැවසීය.
දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම කළේය.
සිද්ධික් නමැත්තා වෙනුවෙන් නීතීඥ ලක්ෂමන් පෙරේරා මහතා සහ නීතීඥ චින්තක කරුණානායක මහතා සමඟ ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා පෙනී සිටියේය.
popular news
-
Champa Monday, 28 January 2019 05:46 PM
මොනවා? මේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ අලි පට්ට ජාවරම්කාරයෙක්නේ. කොහොමද ඇප ලැබුනේ? ආහා.... ජනාධිපතිතුමාගේ මත්ද්‍රවය සතිය වෙනුවෙන් වෙන්නැති. නෙද්දකින්. එක්කෝ කවුරු හරි කඩාකප්පල්කාරයෙක් ඉන්නවා, පැහැදිලිවම දේශපාලකයෙක්, නැත්නම් මත්ද්‍රව්‍ය විරෝධී සතියේ slogan එක මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ සතිය කියලා වෙනස් කරල. අනිත් එක ඉතාම ලිහිල් ඇප. හිරේ දාපු හමුදා නිලධාරීන්ට දීපු ඇප මුදල් හුඟක් වැඩි හින්ද, ගෙවන්න සල්ලි නැතුව සමහර නිලධාරීන් තීරණය කළා හිරේම ඉන්න. මේ හෙරොයින් හොරාගේ නීතිඥ යු.ආර්. ද සිල්වා කියන්නේ BASL එකේ ලොක්කද? නෙද්දකින්. පැහැදිලිවම ආණ්ඩුව මේකට කැමති වෙලා. හොර වැඩක් තියෙනවා මෙතන.
Reply : 0 4
chathuri Monday, 28 January 2019 06:32 PM
කුඩු කාරයින්ට. මරණ දඩුවම. දෙනවා. කියනකොට. ජනපති මහා. පරිමාණයෙන්. කරපු. අයට ඇප ලබා දෙනවා ජනාදිපති නිතියන්ච. තමයි. ඇප අරන් දීල තියෙන්නේ. ඔහු. කොපමණ මුදලක්. මෙයට. අය කෙරුවද . කොහොමද. නිර්දෝෂයි. කියල ඔප්පු. කෙරුවේ. කෝටි ගණනින්. කුඩු ගෙනවිත් මොහුට. ලක්ෂ 10 දඩ. ගහල. මේ කරන. දේවල්. වලින්. අදිකරණයට. ලජ්ජා. හිතෙන්නේ නැත්ද. . මොනවද. මේ නීති. පරම්පර ගානකට. මුදල්. හම්බ. කරලා. ඉන්නේ ජනාදිපති දන්නවද. .මොහුට ඇප ලබාදුන්නේ. ඔහුගේ. ගෝලයෙක්. බව බොරුවට. ලෝකේ වටේ. යනවා. කුඩු නැතිකරන්න. විසදුම්. හොයමින් පොලිසිය. වෙහෙසිලා. අල්ල. ගත්තු. හෝරාව , උගෙන් මහා පරිමාණයෙන් මුදල් අය කරගෙන ඇප අරන් දෙනවා අපේ. රට. කන්නේ. මේ කට්ටිය ඉගෙනීමත්. මුදලට. යටයි.
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

