මහබැංකුවේ ඉහළ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට මාධ්‍ය හමුවේ දෝෂාරෝපණය කිරිම කිසිසේත් තමන් අනුමත නොකරන බවත් ජනාධිපතිවරයාට කල යුතුව තිබුණේ මාධ්‍ය හමු නොපවත්වා පෞද්ගලිකව ඔවුන් කැදවා කරුණු කාරණා පහදා දිම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.
මයන්ත දිසානායක මහතා මෙසේ පැවැසුයේ අද (17) මහනුවරදි පැවැති මාධ්‍ය හමුවකදිය.
එහිදි අදහස් දැක්වු මයන්ත දිසානායක මහතා මෙසේ පැවසීය.
විධායක ජනාධිපති හැටියට එතුමා කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙලට මහබැංකුවේ නිලධාරින් කටයුතු කල යුතුයි නැතිනම් ඔවුන් යම් ක්‍රමවේදයක් ඉදිරිපත් කල යුතුයි. එසේ එම නිලධාරින් නොකරනවානම් විධායක ජනපති හැටියට එම නිලධාරින්ට උපදෙස් දිය යතුයි. මේ ආකාරයට කරන්න කියල නැතිනම් දොස් පැවරුවාට කමක් නැ. රට හරි මගට ගන්න ඔවුන්ගේ මැදිහත් විම අවශ්‍ය නිසා නමුත් ජනාධිපති තුමාට කල යුතුව තිබුණේ මාධ්‍ය නොගෙන්වා ඔවුන්ව පෞද්ගලිකව කැදවා මේ සම්බන්ධව දැනුවත් කර කටයුතු කරන්නැයි ඉල්ලිම බවත් එසේ නොමැතිනම් මෙම නිලධාරින් සම්බන්ධව රටට එළිකරන බව පවසා එම නිලධාරින් කටයුතු නොකරන්නේනම් මාධ්‍ය හමුවේ මේවා ප්‍රකාශ කරන ලෙසයි. නමුත් එම උගත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට දෝෂාරෝපණය කිරිම මාධ්‍ය හමුවේ ප්‍රචාරය කිරිම සුදුසු නොවන බව මයන්ත දිසානායක මහතා කිය.
ව්‍යවස්ථා සභාවක් පවත්වා 19 වන සංශෝධනය ඉවත් කිරිම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරිම සදහා ව්‍යවස්ථා සභාවක් පවත්වා එය කිරිමට වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ මේ වන විටද තුනෙන් දෙකේ බලයක් ලබා ගැනිමට රජයට නොහැකි බව අවබෝධ කරගෙන බවත් එසේ කිරිමට සමගි ජන බලවේගය එක හෙළාම විරුද්ධ වෙන බවද පැවැසිය.
මේ වන විට කැපුවත් කොළ කියා කතා කල ගමේ හා නගරයේ ජනතාව ඉන් ඉවත් වි සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජන බලවේගය වටා රොක් වි ඇති බවත් ඉදිරි මැතිවරණයේදි විශාල ජයග්‍රහණයක් ලබාගැනිමට තම පක්ෂයට හැකියාවක් ඇති බව ජනතාවගේ අදහස් වලින් මනාව වැටහෙන බවද මයන්ත දිසානායක මහතා එහිදි පැවසීය.
