මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනේ දෙවන අදියර හෙට (13) සිට වැඩිම අවදානමක් සහිත සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 03 ක ජනතාවට ලබා දීමට කටයුතු යොදා ඇත.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් 50000ක් මේ සදහා ලැබී ඇති අතර හෙට 13 දා සිට 18 දක්වා මහනුවර මහා නගර සභා සීමාව, පාතදුම්බර සහ පස්බාගේ කෝරලේ යන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලදී සිදු කෙරේ.
මෙහිදි වයස 60 ට වැඩි සියලු ප්‍රජාවට හා රාජ්‍ය සේවයේ හා අර්ධ රාජ්‍ය ආයතන වල අත්‍යාවශ්‍ය සේවා වල නිරත කොන්ත්‍රාත් නිලධාරින්, නඩත්තු කටයුතු වල නිරත සේවකයින්, වැඩිහිටි නිවාස ගත පාලක පාලිකාවන්, ස්වේච්ඡා සංවිධාන වල නිලධාරින් හා මගී ප්‍රවාහන සේවාවල නිරත රියදුරන් හා කොන්දොස්තරවරුන් වෙත එන්නත්කරණයට ලක් කෙරේ.
මහනුවර නගර සීමාව සඳහා 19005 ක්, පස්බාගේ කෝරලේ සඳහා 13948, ක් හා පාතදුම්බර සඳහා 17909 ක් වශයෙන් එන්නත් බෙදාදීමට සැලසුම්කොට ඇත.
ඒ සඳහා මහනුවර මධ්‍යස්ථාන 07ක්, පස්බාගේ කෝරලේ මධ්‍යස්ථාන 07ක්, සහ පාතදුම්බර මධ්‍යස්ථාන 03 දී මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම තොරතුරු අද (12) පල්ලේකැලේ පළාත්සභා ශ්‍රවනාගාරයේදී පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම පළාත් කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී මේ බව අනාවරණය වූහ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්