මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 6234ක් දක්වා ඉහළට
මහනුවර දිස්ත්‍රික්කය තුලින් ඊයේ 31 පෙරවරුව දක්වා වූ පැය 24 ක කාලය තුල නව කොවිඩ් 19 රෛවස ආසාදිතයින් 171 දෙනෙකු වාර්තා වී ඇති බවත් ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කයෙන් තෙවන රැල්ලේදී වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාතිදයින් ගණන 6234ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස 23 කින් මෙම නව ආසාදිතයින් 171 දෙනා වාර්තා වී තිබේ.
ඒ අනුව අකුරණින් ආසාදිතයින් දෙදෙනෙකු, දොළුවෙන් ආසාදිතයින් දෙදෙනෙකු, ගලගෙදරින් ආසාදිතයින් විසි දෙනෙකු, ගලහින් එක් ආසාදිතයෙකු, , ගඟවට කෝරළයෙන් එක් ආසාදිතයෙකු, හාරිස්පත්තුවෙන් ආසාදිතයින් හත්දෙනෙකු , හතරලියද්දෙන් ආසාදිතයින් දස දෙනෙකු, මහනුවර මහනෙගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් අට දෙනෙකු, කුණ්ඩසාලෙන් ආසාදිතයින් 12 දෙනෙකු, මැදදුම්බරින් හය දෙනෙකු, මැණික්හින්නෙන් ආසාදිතයින් හත් දෙනෙකු, මිනිපෙන් ආසාදිතයින් 23 දෙනෙකු, පන්විලෙන් ආසාදිතයින් හතරදෙනෙකු, , පස්බාගේ කෝරළයෙන් ආසාදිතයින් පස්දෙනෙකු, පාතදුම්බරින් ආසාදිතයින් පස්දෙනෙකු, පාතහේවාහැටෙන් ආසාදිතයින් පස්දෙනෙකු, පූජාපිටියෙන් එක් ආසාදිතයෙකු, උඩදුම්බරින් එක් ආසාදිතයෙකු, උඩපළාතෙන් ආසාදිතයින් හත් දෙනෙකු, උඩුනුවරින් ආසාදිතයින් 12 දෙනෙකු, යටිනුවරින් ආසාදිතයින් දෙදෙනෙකු ඇතුළුව ආසාදිතයින් නව ආසාදිතයින් 171 දෙනා වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.
මේ අතර මහනුවර දිස්ත්‍රීක්කයේ කොවිඩ් ආසාදිත මරණ179 ක් ද මේ දක්වා වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

