මහනුවර දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර සුපුරුදු පරිදි
මෙවරද සුපුරුදු පරිදි මහනුවර දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර පැවැත්වෙන බව මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සදහන් කරයි.
නමුත් රටේ පවතින සෞඛය තත්ත්වය හේතුවෙන් ජනතා සහභාගිත්වයකින් තොරව පෙරහැර පැවැත්වෙන බව පෙරහැර පැවැත්වීම සම්බන්ධයෙන් අද (18) මහනුවර දී පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ පිළිබඳ පැවසීය.
ඒ් අනුව මෙවර මහනුවර දළඳා මාළිගාවේ ඇසළ පෙරහැරේ ආරම්භය සනිටුහන් කරමින් සතර මහා දේවාල කේන්ද්‍ර කර ගනිමින්, ජුලි මස 20 වන දින උදෑසන යෙදෙන සුභ මෙහොතින් කප් සිටුවීම සිදු කෙරේ.
ජුලි මස 20 වන දා සිට ජුනි 24 වන දා දක්වා සතර මහා දේවාලයන් තුළ අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒසේම ජුලි මස 25 සිට ජුලි 29 දක්වා දින 5ක් කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතය.
ජුලි මස 30 සිට අගෝස්තු මස 3 වන දා දක්වා දින 5ක් පුරා රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත බවද ඔහු පැවසීය.
ඒ් අනුව අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු 3 වන දා රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.
අගෝස්තු 4 වන දින උදෑසන දිය කැපීමේ මංගල්‍ය සිදුකරන බවත් එදින දහවල් දිවා පෙරහැර පවත්වා පෙරහැර මංගල්‍ය අවසන් කරන බවත් ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සඳහන් කර සිටියේය.

popular news
-
Kumar Thursday, 18 June 2020 09:33 PM
Well, come to think of it, the Devine power of the tooth relic should be able to protect every soul attending the great pageant. I always admire the nilames wearing costumes worn by matadors in Portugal including the cap.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

