පහල කඩුගන්නාව සහ ඊට ඉහළින් ඇති මහනුවර කොළඹ මාර්ගය නාය යාමේ තර්ජනයකට ලක් වීම හේතුවෙන් හා මහනුවර දුම්රිය ගමනය තාවකාලිකව නවතා දැමීම නිසා පැණිදෙණිය ඉන්ධන තොග ගබඩාවට ඉන්ධන ප්‍රවාහනයේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී ඇති බව වාර්තා වේ .
පැනිදෙනිය ඉන්ධන තොග ගබඩාවෙන් මහනුවර මාතලේ සහ මහියංගණය යන ප්‍රදේශවල ඉන්ධන පිරවුම් හල් වලට ඉන්ධන බෙදා හරිනු ලබන අතර එම තොග ගබඩාවට ප්‍රධානතම ඉන්ධන සැපයුම් මාර්ගය වන්නේ දුම්රිය මගින් ඉන්ධන ප්රවාහනයයි .
මේ සම්බන්ධයෙන් පැණිදෙණිය ඉන්ධන තොග ගබඩාවේ ඩිපෝ අධිකාරි අතුල හේරත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ ඉන්ධන ප්‍රවාහනයේ දී බාධා ඇතිව තිබුණත් තම තොග ගබඩාව මගින් ඉන්ධන බෙදාහරිනු ලබන සියලුම ඉන්ධන අලෙවි සැල් වලට හිගයකින් තොරව ඉන්ධන ලබා දීමට පියවර ගෙන තිබෙන බවයි . ලීටර 33000 ඉන්ධන ප්‍රවාහන බවුසර යොදාගනිමින් කුරුණෑගල මාර්ගය ඔස්සේ මනුවරට ඉන්ධන ප්‍රවාහනය මේ වනවිට සිදුකරන බවද ඒ මහතා පැවසීය .
ජනතාව කලබලවී ඉන්ධන ලබා ගැනීමට පෝලිම් ගැසී සිටින බව පැවසූ ඒ මහතා එසේ වුවද කිසිදු හිඟයකින් තොරව ඉන්ධන පිරවුම්හල් වලට අවශ්‍ය ඉන්ධන ලබා දීමට ඉදිරියටත් පියවර ගන්නා බවද ඩිපෝ අධිකාරී වරයා පැවසීය.
ෂේන් සෙනෙවිරත්න