මහනුවර කඩාවැටුන ගොඩනැගිල්ල ඉදිකිරීමට යොදාගත් අමුද්‍රව්‍ය විශේෂ පරීක්ෂාවට
මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි කඩා වැටුන නිවස ඉදිකිරීම සඳහා යොදාගත් අමුද්‍රව්‍යවල ප්‍රමිතිය සෙවීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
ඊයේ (23) පස්වරුවේ එම ආයතනයේ විශේෂ නියෝජිත පිරිසක් එම ස්ථානයට ගොස් කඩාවැටුන ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් වල සාම්පල සහ කම්බි සාම්පල ලබාගෙන තිබේ . එම සාම්පල ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරීක්ෂණාගාරයේ දී පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු එහි ප්‍රමිතිය සම්බන්ධව ස්ථිර ප්‍රකාශ කළ හැකි බව බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානී භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසීය.
එම ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුවූ විද්‍යාත්මක හේතුන් සම්බන්ධව මූලික විමර්ශනයක් සිදු කර තිබෙන බවත් අදාල ගොඩනැගිල්ලේ ගොඩනැගිලි ධර්ම විය පරික්ෂා කිරීමෙන් පසු අවසන් වාර්තාවක් සකස් කරන බවත් කී ඒ මහතා මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන ආයතන කරනු ලබන ඉල්ලීම මත එම වාර්තා ඔවුනට ලබාදිය හැකි බවද පැවසිය .
ෂේන් සෙනෙවිරත්න

popular news
-
janahitha Thursday, 24 September 2020 04:26 PM
monavada me amudravya balanna pera mehi aththivarama kulunu nirmanaya harida eya anumatha kale kavuda yanna soya balanna raft foundation ekakda thattu pahak nisa pile yoda idikaralada kiyana eka balanna maha velavak yanne naha meya madyama injineru karyansya lava pariksha kara aythikaru ath adanguvata gatha yuthuya
Reply : 0 0
Kumar Friday, 25 September 2020 07:06 AM
In the picture Column to beam joints are intact. Only thing the whatever institute can do on concrete is to cut cores and check the compressive strength. It could be cheap foundations that failed due to water saturation. Did anybody design the foundation after geotechnical investigations?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

