මහින්ද හා ගොඨා ජනබලයට බෝගහ ළඟදී එක්වෙති
ජනබලය කොළඹට විරෝධතාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ කොටුව බෝගහ ආසන්නයෙන් එක්වීමට නියමිතය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද එම ස්ථානයෙන්ම විරොධතාවට සම්බන්ධවීමට නියමිත බව වාර්තා වෙයි. සංවිධායකයන් විසින් ඒ ඒ දිස්ත්‍රික්වලින් පැමිණෙන ජනතාව වෙනුවෙන් ඒ ඒ මාර්ග වෙන්කර දී තිබේ.


popular news
-
Ruwan Wednesday, 05 September 2018 01:18 PM
පවුලේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම දෙයකට කඩේ යන පවුලක්.
Reply : 0 0
Champa Wednesday, 05 September 2018 10:03 PM
ගෝඨාභය එනවා කිව්වහම ස්වේච්චාවෙන් එන්න හිටපු මිනිස්සු හුඟක් අඩු වෙන්න ඇති. පැහැදිලිවම පේන විදිහට කලින් මහින්දට හුඟක් විරුද්ධ වෙච්ච මිනිස්සු දැන් එච්චර මහින්දට විරුද්ධ නැහැ. මහින්දගේ හොඳ ගති හුඟක් දෙනෙකුට දැන් අවබෝධ වෙලා තියෙනවා. එදා තිබුන එකම ප්‍රශ්නේ තමන් වටා ඉස්සර හිටපු මිනිස්සු පාලනය නොකරපු එක. දන්නවද හිටපු ජනාධිපතිතුමා, ඔබ 2015 අග සිට 2018 මුල දක්වා කාලෙට වඩා දැන් තමන් වටා ඉන්න මිනිස්සුව පාලනය කරනවා. ඔබේ නායකත්වය දැන් රටේ මිනිස්සුන්ට දැනෙනවා ආපහු. දැන් ඔන්න ආපහු පරණ තත්වෙට යන්න එපා. පාලනය ඔබේ අතේ තියා ගන්න. එතකොට තමයි විශ්වාසය නැති වෙච්ච මිනිස්සුන්ට නැවත විශ්වාසය ඇති වෙන්නේ. මම තැනක දැක්ක ඔබ කියලා තියෙනව (?) ඊළඟ චන්දෙ දිනන්න දූවිලුත් ඕනේ කියලා. දූවිලි වලට ඔබව ඕනේ මිසක් ඔබට දූවිලි ඕනේ වෙන්නේ නැහැ. තමන්වම අවතක්සේරු කරන්න එපා. ඔබට අවශ්‍ය වෙලාවට අවශ්‍ය උදව්ව ලැබෙයි. ඊළඟ ජනාධිපතිවරණෙ අභියෝගයක් නෙමෙයි අවදානමක්. මුළු රටකම අනාගතය රැඳීල තියෙන්නේ ඔබේ තීරණය මත. ඒ හින්ද ඔබේ චන්ද මත පමණක් ඉන්න කෙනෙක් නෙමෙයි ඔබට තව චන්ද අරන් දෙන්න පුලුවන් කෙනෙක් හොයා ගන්න. ඔබට හුඟක් උපක්රමශීලි වෙන්න වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

