මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ වැඩබාරගනී
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 07, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ, අංක 30 ස්ථානයේ පිහිටි පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී අද (18දා) පෙරවරුවේ වැඩ භාර ගත්තේය.
චාම් උත්සවයකින් පසුව සිදුවන වැඩ භාරගැනීම සිදුවිය. එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින පක්ෂ නායකයන් සහභාගි වූයේය.
විපක්ෂනායක ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේදී ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙසත්,දින 50 ආණ්ඩුව පැවැති කාලයේදී අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා ලෙසත් කටයුතු කළ හර්ෂ විජේවර්ධන මහතාය.
මීට පෙර විපක්ෂනායක ධුරයේ කටයුතු කළ ආර්.සම්බන්ධන් මහතා විපක්ෂනායක කාර්යාලයේ සිටි කාර්යමණ්ඩලය හා ලිපිලේඛන ඉවත් කරගෙන තිබෙන අතර,අවසන් වශයෙන් රැඳී සිටි ඔහුගේ ආරක්ෂකයන් තිදෙනාද ඊයේ දිනය වනවිට ඉවත්ව ගොස් තිබිණි.
ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු











popular news
- 
                            
vitarakkage nachita Friday, 18 January 2019 10:49 AM
විපක්ෂ කාර්යාලයත් චීනට සින්නක්කර විකුනයිද දන්නේ නෑ.
Reply : 85 3
Champa Friday, 18 January 2019 02:05 PM
Vitarakkage nachita - චුට්ටක් වැරදුන නේද? විපක්ෂ නායක රනිල් නෙමෙයි, මහින්ද. රටේ සම්පත් සින්නක්කරේට වික්කේ රනිල්. අවුරුදු 29ක් විපක්ෂ නායක රනිල් වෙලා හිටපු හින්ද තාම වරදිනවා නේද? පොව් අනේ! විපක්ෂ නායක කියපු ගමන් මතක් වෙලා තියෙන්නේ රනිල්ව.
Reply : 25 0
athura Friday, 18 January 2019 03:55 PM
ආ ඔවු නේ මහින්ද වික්කෙ ජනාධිපති වෙලා ඉන්න කොට නේ.
Reply : 0 0
Wimale Sunday, 20 January 2019 02:40 AM
Was followed by kassippu party by jonny and every body got drunk, wrong auspicious time might get kicked out from thre opposition lrader position as well
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                