මහින්ද ගෙනාපු තැනටම ජනපති නැවතත් රට ගෙනාවා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රට ගෙන ආ තැනටම වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට ගෙන ආ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“2015 ජනවාරි අට අපේ රට ගොඩගත්ත තැනදී මුළු ලෝකයේම විශාල බලාපොරොත්තුවක් තිබුණා. මුළු ලෝකයම මේ රටට ගරු කළා. ඒ ගෞරවය පැමිණෙියේ අපේ ජනපතිවරයායට.
G7 සමුළුවට අපි වගේ පුංචි රටවල්වලට ආරාධනා කරන්නේ නෑ. නමුත් මේක ගොඩනගපු හින්දා අපේ නායකයාට විශේෂ අමුත්තෙක් ලෙස ආරාධනා කළා.
ඒ හත්දෙනාම අපේ ජනාධිපතිගේ පුටුව ගාවට ඇවිල්ලා කථා කළේ. නමුත් ඒ නායකයට ඒක ආරක්ෂා කර ගන්න තරම් තත්ත්වයක් බුද්ධියක් තිබුණේ නෑ.
ඔක්තෝබර් 26 දා එක් රාත්‍රියක් උදාවෙන විට අර ලෝකයේ තිබුණ සියලුම ගරුත්වය එක රාත්‍රියකින් ඉවර කර ගත්තා.
අද එතුමට ආරාධනා කරන්නේ කජිගිස්තාන්, බලුගිස්තාන්, කසකස්තාන් වගේ රටවල්. මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනාපු තැනටම අපේ රට ආපසු ගෙනාවා."

popular news
-
aruna Tuesday, 25 June 2019 03:22 PM
එතා තාර්කික හා යථාර්තවාදී ප්රකාශනයක්.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

