මහින්දට පුළුවන්ද - ඒකාබද්ධයේ නීති මත දෙකක්
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට හැකිද? යන්න පිළිබඳව ඒකාබද්ද විපක්ෂයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් මත දෙකක සිටින බවට වාර්තාවේ.
ඉන් එක් මතයක් වී ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත අලුත් පනතක් ලෙස බලපැවැත්වෙන බැවින් අධිකරණයට ඉදිරිපත් වීමක් අවශ්‍ය නොවන බවයි. එම පනත ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පෙර දාතම කිරීමක් සිදුවී නැති නිසා අලුත් පනතක් ලෙසට ක්‍රියාත්මක වෙන බැවින් මහින්ද රාජපක්ෂ මහතාට ඒ සම්බන්ධයෙන් නිරවුල් වීමට අධිකරණයට යෑමට අවශ්‍ය නොවන බවට මතයක් ඉදිරිපත් වී තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා නාමයෝජනා පත්‍රයක් බාර දෙනවිට ජනාධිපතිවරණ පනත යටතේ මැතිවරණ කොමිසමට එය බාර ගැනීමට සිදුවෙන බවද ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පිරිසකගේ මතය වී තිබේ. ගැටලුවක් පවතින කෙනෙකුට මැතිවරණයෙන් පසු ඡන්ද පෙත්සමක් ඉදිරිපක් කළ හැකිවේ.
මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති තවත් මතයක් වී ඇත්තේ අධිකරණයෙන් පැහැදිලි තීන්දුවක් ලබාගෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට යැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේ 19 වැනි සංශෝධන පනතට අනුව මේ අවස්ථාවේ අධිකරණයට යෑමට අවශ්‍ය නොවන බවයි. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ දිනවල රටින් බැහැරව සිටිනා නිසා ඔහුගේ මතය විමසීමට නොහැකි විය.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප)

popular news
-
Champa Sunday, 26 August 2018 06:52 PM
මේ කතා වලින් පැහැදිලිවම පේන්නේ ඊළඟ ජනාධිපතිවරණයෙන් දිනන්න නෙමෙයි පරදින්නයි පොහොට්ටුවට ඕනේ කියලා. ඉලක්කය මහ මැතිවරණය වෙන්නැති. හැබැයි ජනාධිපතිවරණෙ පැරදුනොත් මහ මැතිවරණෙ දිනන්නේ නැහැ. කොහොමද එහම වෙන්නේ කියලා කියන්න වැඩක් නැහැ දැන්ම. ඊළඟ චන්දෙට මහින්ද ඉල්ලුවොත් ෂුවර් එකට මෛත්‍රීත් ඉල්ලනවා. ඒ මොකොද චන්දෙට පස්සේ පෙත්සමක් වැටිලා මහින්දව disqualify වුනහම ඊළඟ මිනිහට ජනාධිපති වෙන්න පුළුවන් නිසා. වෙන තැනකත් කිව්වා වගේ ඊළඟ ජනාධිපති පත් වෙන්නේ පොහොට්ටුවෙන් නෙමෙයි.
Reply : 0 1
Champa Monday, 27 August 2018 05:21 PM
ඔන්න ඉන්දියාවත් ලෝක ලනුවක් දෙන්න යනවා. ලණුවක් නෙමෙයි කඹයක්. මම දැක්ක සුබ්‍රමනියම් ස්වාමි කියලා තියෙනව හිටපු ජනාධිපතිතුමාට "භාරත රත්න" නම්බු නාමේ දෙන්න ඕනේ කියලා LTTE ත්‍රස්තවාදේ නැති කරලා ලංකාවටයි ඉන්දියාවටයි සාමය ගෙනාවට. අවුරුදු 9 කට පස්සේ දැන් එක පාරට මොකොද කියලා කාටවත් තේරුනේ නැත්ද? මහින්දගේ කාලේ ජිනීවා සමුළුවලදී ඉන්දියාව අපිට විරුද්ධව වැඩ කළා. ත්‍රස්තවාදය පරාජය කරපු එක ගැන ගෞරවය දීල මහින්ද වෙනුවෙන් එක වචනයක් කතා කලේ නැහැ. ඒ විතරක්ද 2015 මහින්දව පරද්දන්නත් වැඩ කළා. දැන්ද මතක් වුනේ මහින්ද සාමය ගෙනාව කියලා. මේක උගුලක්. මොකොටද? දැන් ඉන්දියාව මත්තල ගන්න යනවා. උතුරේ තියෙන හොඳම ඔක්කොම වරායවල්, KKS (මම දවසක ලිව්වා මේ වරාය කොයිතරම් වැදගත්ද කියලා) වෙනත් වරායවල්, තව පලාලි ගුවන් තොටුපොල එහෙම ගන්න හදනව. ඊළඟට පුරාවිද්‍යා කැනීමුත් කරනවා (කලින්ම චීනේ පටන් අරන්. උතුරේ තියෙන්නේ අපේ බෞද්ධ පුරාවස්තු. චීනා නෙමෙයි මොකාට වුනත් මේ කැනීම් වලින් හම්බ වෙන දේවල් රටින් පිටට ගෙනියන්න දෙන එක වැරදියි. පහුගිය කාලේ අපේ පුරාවස්තු ඩෝසර් කළා උතුරු නැගෙනහිර. ඒවාට විරුද්ධව කතා කරපු ඥානසාර හාමුදුරුවන්ව හිරේ දැම්ම)
Reply : 0 0
Champa Monday, 27 August 2018 05:41 PM
මම කියන්න ගියේ ඉන්දියාව හිටපු ජනාධිපතිතුමාව උගුලකට හව්කරගන්න යනවා. උගුලේ නිර්මාතෘ ඉන්නේ පොහොට්ටුවේමයි. හිටපු ජනාධිපතිතුමා කෙලින් වචනයක් කිව්වා මේ පාර. අවුරුදු 2 1/2කට පස්සේ කෙලින්ම කිව්වා විදේශ රටවලට ආණ්ඩුව විකුණන අපේ සම්පත් ගන්න එපා, අපි ආවහම ඒවා ගන්නවා කියලා. ඒක චීනෙටත් ඇමරිකාවටත් ඉන්දියාවටත් එක වගේම අදාලයි. සුබ්‍රමනියම් ස්වාමි දැන් මෝඩිගෙන් කැපිල ගිහින් තියෙන්නේ. කාරණා 2ක් මට හිතෙනවා. එකක් සුබ්‍රමනියම් ස්වාමි ලව්වා හිටපු ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ චන්ද ව්‍යාපාරයේ උපක්‍රමය දැනගන්න එක. අනික හිටපු ජනාධිපතිතුමා ඉන්දියාව ගන්න හදන මත්තල, පලාලි, KKS ගැන තියෙන විරෝධය නැති කරගන්න එක. සුබ්‍රමනියම් ස්වාමිව විශ්වාස කරන්න එපා කියලා හිටපු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. දැන් ඉන්දියාව භාරත රත්නයක් ගැන කතා කලාට, 2010 නොබෙල් සාම තෑග්ග හිටපු ජනාධිපතිතුමාට නොලැබෙන්න හුඟක් රටවල් දායක වුනා. ඉන්දියාවත් ඒ එක රටක්. 2014 WikiLeaks කිව්වා සුබ්‍රමනියම් ස්වාමි ඇමරිකන් ඔත්තු සේවයට ඉන්දිරා ගාන්ධිගේ election strategy හෙළි කරලා තිබ්බා කියලා. එහෙම මිනිහෙක් විශ්වාස කරන්න එපා. ඉන්දියාවේ අලුත්ම උගුලට හව්වෙන්න එපා.
Reply : 0 0
rocky Wednesday, 29 August 2018 07:01 PM
මේ කතා මිතා වලින් හෙලිවෙන්නේ අපේ රටේ සමහර ලොක්කන්ට විලි ලජ්ජා නැති බවයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

