මහින්දගෙන් ප්‍රශ්න කිරීම නිසා මිනුවන්ගොඩ ප්‍රා ස උණුසුම්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට විරෝධය පළ කරමින් මිනුවන්ගොඩ ප්‍රදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කලු පටි පැළඳ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්අද (18දා) ප්‍රාදේශිය සභාව තුළ විරෝධතාවයක නිරත වූහ.
මෙය හිටපු ජනාධිපතිවරයාට නැගුණු අභූත චෝදනාවක් බවත් ආණ්ඩුවට වසර 03 ක් සම්පූර්ණ වන අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීම දේශපාලන ක්‍රමන්ත්‍රණයක් බවත් මන්ත්‍රීවරු චෝදනා කළහ.
මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම අද උඩුගම්පල ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ මිනුවන්ගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතාගේ ප්‍රධානත්වයෙනි.
සභාපතිවරයා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂයේ මන්ත්‍රීවරු සභාවට පැමිණියේ කලුපටි පැළඳ විරෝධතා පුවරුද අතැතිවය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඩෙන්සිල් යාපා අදහස් පළ කරමින් මෙම ප්‍රශ්න කිරීම සාධාරණ බව පැවසීමත් සමග පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඊට දැඩි විරෝධය පළ කිරීමත් සමග සභාව නොසන්සුන්විය.
ජ.වි.පෙ. මන්ත්‍රීවරයාද මෙම ප්‍රශ්න කිරීමට පක්ෂව අදහස් පළ කළ අතර ඒ අවස්ථාවේදීද සභාව දැඩි ලෙස නොසන්සුන්විය.

popular news
-
rocky Saturday, 18 August 2018 06:39 AM
මේක යකාගේ වැඩක්නේ! නීතියට බයයි ද ? ප්‍රශ්න කෙරුවට සරීරෙන් කෑල්ලක් යන්නේ නැහැනේ!මුන් ඔක්කොම අපරාධවලට සහාය දක්වනවා වගෙයි!
Reply : 0 0
chathuri Saturday, 18 August 2018 06:00 PM
මහින්දයා. වටේ ඉන්න කදැත්තෝ. යන එන මන් නැති කට්ටියක් , මහින්දගේ අතේ අතේ තියෙන. මිනි ඔලු ගෙජ්ජි වැලයි. වශී මුද්දයි ගලෙව්වනම් මේ වටේ ඉදන් අඩන. පෙරේඅතයෝ මග. මැරෙනවා. මුන්. වශී වෙලා. ඉන්නේ මහින්දයි. ජයලලිතයි දෙන්නම. එකයි. පෙරේත. තට්ටු. දෙකක් මහින්දගේ මුහුණ. අමු. සොහොනක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

