මස්කෙලිය නගරයේදි අහඹු ලෙස සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදි අසාදිතයන් 17 දෙනෙකු හදුනාගත් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
ඉකුත් (06) දින මස්කෙලිය නගරයට පිවිසි පුද්ගලයන්ගෙන් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය සිදු කල බවත්, එහිදි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන මස්කෙලිය, නල්ලතන්නිය, අප්කට් යන ප්‍රදේශවලින් අසාදිතයන් 14 දෙනෙකු , දිඹුල පතන සහ බදුල්ල ප්‍රදේශයන් වලින් නගරයට පැමිණ සිටි අසාදිතයන් තිදෙනෙකුද ඒ අතර සිටින බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.