ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
මාලි හි ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් එකස්ත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව රාජකාරී කළ රණවිරුවන් දෙදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
පස්වරු 3.00ට පමණ යානය කටුනායකර ළඟා වූයේය. එම විරුවන්ගේ දේහයන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් භාර ගැනී ගැනීමට නියමිතව තිබේ.
මෙම හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහයන් සෙනසුරාදා (02 දා) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතව තිබුණත් එම දේහයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම ප්‍රමාදවිය.ඒ ගුවන් යානා ප්‍රමාද වීමක් හේතුවෙනි.
25දා සිදුවූ මෙම ප්‍රහාරයෙන් එවකට කපිතාන් ධුරයේ සිට පසුව මේජර් ධුරයට උසස් කළ මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම මහතා කෝප්රල් ධුරයේ සිට සැරයන් ධුරයට උසස්කළ එස්.එස්. විජේවික්‍රම ජීවිතක්ෂයට පත්විය.
ඡායාරූප ශමීර රජපක්ෂ
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
Champa Monday, 04 February 2019 05:50 PM
මේ හමුදා නිලධාරීන් වෙනුවෙන් ලංකාවම ශෝක වෙනවා නොඅනුමානයි. රටට සල්ලි ගෙනත් දෙන්න එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට බැඳුනු නිසා ජීවිතය අහිමි වුනු මේ දෙදෙනාගේ පවුල් වලට අයට මගේ බලවත් ශෝකය. ඒ වගේම මේ දෙදෙනාගේ ජීවිත නැති වුනාට එක්සත් ජාතීන් ගෙවන වන්දිය ඩොලර් 50,000ක් වගේඉතාම සොච්චම් මුදලක් කියලා මම තැනක දැක්ක. මේ ගැන මගේ විරෝධය පල කරනවා. අපි එක්සත් ජාතීන්ගේ සාම හමුදවට යවන්නේ හොඳට පුහුණුව ලබපු, දක්ෂ, අපේ හොඳම හමුදා සෙබළුන් සහ හමුදා නිලධාරීන්. ඔවුන්ගේ වටිනාකම ඩොලර් 50,000ද? ඔවුන්ට පුහුණුව දෙන්න විතරක් මීට වැඩ මුදලක් ශ්‍රී ලංකා රජය වැය කරන්න ඇති. ඒ හින්දා අපි එක්සත් ජාතීන්ට කියන්න ඕනේ සාම සාධක හමුදාවට යවන අපේ සැම හමුදා සෙබළෙක්ම, සෑම හමුදා නිලධාරියෙක්ම ඩොලර් ලක්ෂ 200 කට රක්ෂණය කරන්න කියලා සහ ඒ මුදල වහාම ඔවුන්ට තුවාල වුනොත් හරි ජීවිතය නැති වුනොත් හරි ලබා දෙන්න කියලා. එතකොට එක්සත් ජාතීන් අනාරක්ෂිත ප්‍රදේශ වලට යවල සාම සාධක හමුදා බිලිදෙන එක නවත්තයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd