මුල අමතක නිසයි එජාපට මෙහෙම වුණේ - රුවන්
මුල අමතකවීම නිසා එක්සත් ජාතික පක්ෂය මෙවැනි තත්වයකට පත්වූ බවත් නව ගමනක් ආරම්භකොට ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
මාතර මන්තින්ද පිරිවෙන් විහාරස්ථානය වෙත පැමිණ එහි විහාරාධිපති තිස්සමහාරාමයේ ඉංද්රසාර නාමියන් බැහැදැක ආශීර්වාද ලබාගෙන මාතර එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එජාපය හැටියට අපිට පසුගිය මහා මැතිවරණයේදි විශාල පසුබැමකට මුහුණ දෙන්න වුණා. එහි වගකීම පක්ෂයේ නායකයන් හැටියට අපි සිය ලු දෙනා භාරගන්න ඕන. අපේ ආණ්ඩුව හදලා ආණ්ඩුව තුළින් සෑම ආසනයකටම මුදල් වෙන් කරලා සංවර්ධන වැඩ කෙරුවා . සුවසැරිය ව්‍යාපෘතිය අපි ආරම්භ කෙරුවා.
නමුත් මිත්‍රවරුනි අපිට මුල අමතක වුණා. අපි අපේ පාක්ෂිකයන් අමතක කෙරුවා . අපේ ආණ්ඩුව තියෙද්දිත් පාක්ෂිකයන්ගේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට විසදුම් ලබා දුන්නෙ නැහැ . අපි අමාත්‍යවරු හැටියට අමාත්‍යංශවල වැඩ කෙරුවා නමුත් අපේ පාක්ෂිකයන්ට අමාත්‍යවරු ළඟට යන්න පුලුවන්කම ලැබුණේ නැහැ.
ඒ නිසා තමයි පාක්ෂිකයන් අපෙන් ඈත්වුණෙ. ඒ නිසා තමයි පක්ෂයේ දෙදරිමක් ඇතිවුණේ. මේ තමයි ඇත්ත. ඒ නිසා තමයි මහා මැතිවරණයේ අපිට මෙවැනි ප්‍රතිඵලයක් ලැබුණේ.
මොකද අපිට මුල අමතක වුණ නිසයි මෙවැනි තත්වයක් ඇතිවුණේ. මම තමුන්නාන්සේලට විස්වාසයෙන් කියන්න ඕන එක්සත් ජාතික පක්ෂය දැන් අලුත් ගමනක් යන්නේ. අපේ පාක්ෂිකයන්ට වෙච්ච අසාධාරණය නැවත සිදුවෙන්න ඉඩතියන්නෙ නැහැ . පාක්ෂිකයන් ආරක්ෂා කරගෙන තමයි එක්සත් ජාතික පක්ෂය දැන් වැඩකටයුතු කරන්නේ’’ යැයි පැවසීය.

popular news
-
lakshman jayasinghe Monday, 28 September 2020 04:43 AM
dan ithin kawda inna paakshikayo okkoma sajith lagata gihin.oyalath sajith lagata yanna nethnam tiyana ekath nethiwei
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
