මාලඹේ - කොටුව සැහැල්ලු දුම්රිය මාර්ගයට කැබිනට් අනුමැතිය
මාලඹේ සිට කොළඹ කොටුවේ පිහිටි බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා කිලෝමීටර 17ක දිගකින් යුතුව නැවතුම් පොළවල් 16කින් සහ ඩිපෝවකින් සමන්විත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එම මාර්ගය කුලුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය මාර්ග දෙකක් ලෙස ඉදිකිරීමට ශ්‍රී ලංකා රජය විසින් ජපාන රජයෙන් අරමුදල් සහාය ඉල්ලා තිබේ.
මෙම යෝජනාව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබේ.
කොළඹ මහා නගර ප්‍රදේශ තුළ කාර්යක්ෂම හා ඵලදායී මගී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම සඳහා ශීඝ්‍රගාමී සංක්‍රමණ පද්ධතියක් හඳුන්වා දීම වෙනුවෙන් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 07ක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අතුරින් කොළඹ කොටුව ප්‍රදේශය වෙනත් ප්‍රධාන නගර සමග සම්බන්ධ කරන මාර්ගය සහ බත්තරමුල්ල හා මාලඹේ ප්‍රදේශය දෙසට විහිදෙන මාර්ගය ප්‍රමුඛතා මාර්ග ලෙස හඳුනාගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
