මාලදිවයිනේ රැකියා සදහා ගොස් සිටි ශ්රී ලාංකිකයන් 287 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (30) දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානය අද දින දහවල් 1.35 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් පිරිස මාලදිවයින තුළ පිහිටි සංචාරක හෝටල් වල රැකියා වල නිරත වී සිටි පිරිසක් බවට තොරතුරු වාර්තා වේ .
මෙම ගුවන් යානයෙන් පැමිණි සියලු ගුවන් මගීන් ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි .
