මාලිංග නැවත ගෙදර එයි
එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ සිය බිරිඳගේ මවගේ (නැන්දණිය) දානමය පිංකමට සහභාගි වීම සදහායි. ඒ සඳහා ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතියද ලැබී තිබේ.
ඔස්ටේ්රලියාවට එරෙහිව ලන්ඩන්හිදී පසුගිය සෙනසුරාදා (15දා) පැවැති තරගයට ක්‍රීඩා කළ මාලිංග නැවත ශ්‍රී ලංකාවට පිටත්ව ගොස් ඇත්තේ පෙරේදා (16දා) යි. මාලිංග හෙට (19දා) වැනිදා නැවත කණ්ඩායමට එක්වීමට නියමිත බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.
මාලිංග මීට පෙරද සිය නැන්දණියගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ නැවත 14 වැනිදා රාත්‍රී ලන්ඩන් නුවරට පැමිණියේය.
යොහාන් භාසුර (ලන්ඩන් නුවර සිට)

popular news
-
Daham Tuesday, 18 June 2019 10:54 AM
හත් දවස දානය එතරම්ම වටිනවා ප්‍රැක්ටිස් වලට වැඩිය .
Reply : 11 4
Champa Wednesday, 19 June 2019 09:43 AM
ක්‍රිකට් වලට වඩා මනුස්සකම සහ හෙළ සිරිත් විරිත් වටිනවා කියල මාලිංග පෙන්නලා තියෙනවා. ස්තූතියි!
Reply : 1 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

