මාලිංගගෙන් පිතිකරුවන්ට විවේචනයක්
සත්කාරක නවසීලන්තය හා පැවැති විස්සයි20 තරගය පරාජයට පත්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග සඳහන් කළේ තරගයක් ජයග්‍රහණය කරන අයුරු තවමත් පිතිකරුවන් නොදන්නා බවයි.
එසේම පන්දු යවන්නන් අද තරගයේදි සිය රාජකාරිය මැනවින් ඉටු කළ බවත් ඔහු පැවැසීය.
“අපි පන්දුවාර 16ක් හොඳන් පන්දු යැව්වා. නමුත් මේ පිටියේ (ඔක්ලන්ඩ්) ලකුණු 180ක් රැස්කළ හැකියි. මම හිතනවා තවමත් පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ.
අපි හැමවෙලාවෙම වෙනස්වීම් ගැන මෙම තත්ත්වයන් ගැන කථා කරනවා. පන්දු යවන්නන් අද හොඳින් කළා. මිනිස්සු දැන ගන්න ඕන කොහොමද තරගයක් දින්නේ කියලා හා කොහොමද ඉර පනින්නේ කියලා.”

popular news
-
Champa Saturday, 12 January 2019 01:33 AM
කතාවක් තියෙනවනේ සමහර ක්‍රීඩකයෝ තනියම බුදු වෙන්න යනවා කියලා. තමන්ගේ පෞද්ගලික ලකුණු ගණන වැඩි කර ගැනීම තමයි අරමුණ. නැත්නම් අර එක ක්‍රීඩකයෙක් දුවද්දී දැවීම් 45 ක දැවුනු මිනිහ නෙමෙයි නොදැවුණු මිනිහ වෙලා තියෙනවා. ඒ මොකොද හිතන්ගේ තමන් ගැන මිසක් කණ්ඩායම ගැන නෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

