මරාගෙන මැරෙන කවුරුත් ස්වර්ගයට යන්නේ නෑ
මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කරගෙන සිටීම රටට නොගැළපෙන බවත්, රටේ ආරක්ෂාවට එය ප්‍රශ්නයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මේ නිසා ඔවුන් මුහුණ ආවරණය කරගෙන සිටින රෙදි කැබැල්ල ඉවත් විය යුතු බව පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
හෙතෙම මේ බව පවසා සිටියේ අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
මුහුණ ආවරණය කරගෙන සිටින ලෙසට කුරාණයේ සඳහන්ව නොමැති බවත්, මරාගෙන මැරෙන කිසිවෙකුටවත් ස්වර්ගයට යා නොහැකි බව සියලුම දෙනා දැනගත යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.

popular news
-
කපිල Thursday, 25 April 2019 11:37 PM
යකෝ මෙයා දන්නා ඉස්ලාම් දහම.
Reply : 0 14
rocky Friday, 26 April 2019 06:58 AM
ඇති, යාන්තම් උන්නැහේගේ කටිනුත් බුද්ධිමත් අදහස් ටිකක් පිටවුනා. සන්තෝසයි, ඒක ගැන!
Reply : 4 1
Don Friday, 26 April 2019 07:51 AM
ස්වර්ගයට, දිව්‍යලෝකයට යන්න බලාගෙන ඉන්නේ මේවගේ දේශපාලුවෝ තමයි. පල්ලියේ, කෝවිලේ දෙය්යෝ නැහැ කාටවත් උදවු කරන්න. මිනිස්සු මුලකරලා උන් සැප ජීවිත ගතකරනවා. ලංකාවේ ඉන්නේ ජනගහනය කෝටි දෙකයි.ඒ වුනාට එයාල බලාගන්න තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා කියල බොරුබන කියල අහිංසක මිනිස්සු රවටන අයත් අඩුපාඩුවක් නැතිව ඉන්නවා.
Reply : 0 8
Saththaya Friday, 26 April 2019 07:55 AM
රට වෙනුවෙන් කියා මෙතෙක් කල් මුහුණු ආවරණය කර කර එහෙට මෙහෙට හැම පැත්තටම පැන්න අය ගොඩක් බයානකයි මේ රටට .
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

