මරණ දඬුවම ළඟදිම ක්‍රියාත්මක කරනවා - ජනපති
මරණ දණ්ඩනය නියම කොට එය නුඳුරේදීම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළිත් වරක් අද (29 දා) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
පොලොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එකවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අද ටොක්කක් ඇන්නොත්, ළමයෙකුගේ කන මිරිකුවොත් පොලිසි යනවා. මොකද ඒ ළමයාට තියෙන ආදරේටද, කලාතුරකින් සීමාව ඉක්මවලා දරුවෙකුට දඩුවම් දෙන්න පුළුවන්.
ඒක වැරදි එහෙම කරනවානම් නමුත් ළමයෙකුට දඩුවම් කරන්නේ, කන මිරිකන්නේ, හිමින් ටොක්කක් අනින්නේ ළමයා හදන්න මිසක් නොහදන්න නෙමෙයි.
අම්මලා තත්තලා ගෙදර දරුවන්ට කොච්චර ගහනවාද, අද නමුත් අලුත් නීති රීති හැදිලා තියෙනවා ,මානව හිමිකම්,ගුරු මහත්වරු හිරේ යනවා. දරුවන් හදන්න ගිහින් හිරේ යනවා.එක තමයි මේ සමාජය හැදෙන්නේ නැත්තේ.
රටක් සමාජයක් හදන්න බුදුන් වහන්සේගේ දේශනාවේත් කියලා තියෙනවා. දඩුවම, දණ්ඩනය තියෙන්න ඕනේ කියල. එනිසා තමයි මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට මම මරණ දණ්ඩනය තීන්දු කරලා, ළඟදීම ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ.”
පොලොන්නරුව තුෂාර තෙන්නකේන්

popular news
-
Champa Friday, 29 March 2019 08:00 PM
ඒක ඇත්ත. පාසල් වල දෙන සුළු දඬුවම් මානව හිමිකම් කඩ කිරීම් නෙමෙයි. දෙමව්පියෝ පොලිසි යන එකෙන් දරුවා හිතනවා තමන් කරපු වැඩේ වැරදි නැහැ කියලා. පොඩි කාලේ දරුවෝ හරියට හදපු නැති හින්ද තමයි වැඩිහිටියෝ විදිහට සමාජයට ගිහාම නොමඟ ගිහින් වැරදි කරන්නේ. මම නම් ගෙදරදී ගුටි කාල නැහැ. හැබැයි 5A පන්තිය්දී දවසක් ගුරුතුමා දුන්න වේවැල් පාරක් පිට හරහට. අම්මෝ. තරුත් පෙනුන. කරපු වැරැද්ද තමයි පුටුවක් හොලවපු එක. අනිත් පැත්තේ තිබ්බ පුටුව හොල්ල හොල්ල මම ළමයෙක් එක්ක හැරිලා කතා කර කර හිටිය. පුටුව, ඉස්සරහයි පිටිපැස්සෙයි ඩෙස්ක් දෙකේම වදිනවා. මම දන්නෙම නැහැ පිට හරහට වේවැල් පාර වදිනකම්. එදා මම ගෙදර ගියේ හරිම බයෙන් ගුරුතුමා තාත්තට කියයි කියල. ඒ මොකොද තාත්ත කියල තියෙනව ගෙදරදී කොච්චර කෑගැහැව්වත් කමක් නැහැ, බඩුමුට්ටු කැඩුවත් කමක් නැහැ හැබැයි ඉස්කෝලේ ගිහාම හොඳට හැසිරෙන්න ඕනේ කියල. ගෙදර වටින පිඟන්, වීදුරු එහෙම බින්දහම අම්ම කෑ ගහනවා තාත්ත වගේම නාස්තිකාරයෝ කියල. ඒ වුනාට තාත්ත කියනවා වීදුරු කියන්නේ බිඳෙන ජාතියක්, ළමයින්ට බයින්න එපා කියලා. හැබැයි ගුරුතුමාගේ වේවැල් පාරෙන් පස්සේ මම හැදුනා, ආයේ කෑම මේසේ පිඟන් කරකවල බින්දේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

