මරණ දඬුවම ලබාදීමේ තීරණය ඉවත දමන්න - HRW
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය ඉවත දැමීමට කටයුතු කළ යුතුව ඇතැයි ජාත්‍යන්ත රාජ්‍ය නොවන සංවිධානයක් වන හියුමන් රයිට් වොච් සංවිධානය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවත් එය ක්‍රියාත්මක කරන දින වකවානු මේ වන විට තීරණය කර ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශයෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධාය සඳහන් කරයි.
“දශකට හතරකට පසුව ශ්‍රී ලංකාව යළිත් මරණ දඬුවම ගෙන ඒමට හේතුවක් නෑ” යැයි එම සංවිධානයේ දකුණු ආසියා අධ්යක්ෂ මීනාක්ෂි ගංගුලි මහත්මිය සඳහන් කරයි. ශ්‍රී ලංකාව තුළ 1976 වසරෙන් පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැත. ශ්‍රී ලංකාව තුළ මේ වන විට මරණ දඬුවම නියම වී ඇති රැඳවියන්ගේ සංඛ්‍යාව 1299කි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේදී ප්‍රකාශ කළේ මරණ දඬුවම නියම වි ඇති ඒහෙත් බන්ධනාගාරය තුළ සිටිමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයන් වෙනුවෙන් තමන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බවයි.

popular news
-
Dilrukshi Perera Wednesday, 03 April 2019 09:46 AM
දිනපතා නිකරුනේ මැරෙන මහජනයා, වෙනුවෙන් ඔවුන්ගේ විසදුමක් ඇතොත් මෙය ක්‍රියාත්මක නොකලට කමක් නෙහෙ. නමුත් හ්ර්ව් නැගී සිටින්නේ වැරදි කල හොරුන් හෝ මිනි මරුවන් වීම කණගාටුවට කාරණයක්. මේ දඩුවමට බජනය වෙන්නේ, මහා අධිකරණයෙන් තහවුරු වී බොහෝ කලක් ඒ පිළිබඳව සොයබලිඑඑමෙන් පසුව නොවේද ? එසේ නම් ඊ ඔබලාගේ විරුද්දත්වය.??? කෝ ඔබලාගේ පෙනී සිටීම . අහිංසක මහජනයා වෙනුවෙන්?
Reply : 0 0
Champa Wednesday, 03 April 2019 06:48 PM
Human Rights Watch එක පෙනී ඉන්නේ ත්රස්තවාදීන්, හොරුන්, මිනීමරුවන්, අපරාධකාරයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න.
Reply : 0 0
rocky Thursday, 04 April 2019 07:29 AM
එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට එරෙහි විය යුතු තවත් හේතු තියනවා. අපරාධකරයින්ව එල්ලා දමන නියාවෙන් මොකක් හරි ඩමියක් එල්ලලා අපරාධකරුවන්ව හෙමින්සීරුවේ නිදහස් කර රටින් පිට කිරීමේ ජාවාරම ක් ක්‍රියාත්මක වෙන්න බැරි නැහැ. ඒ වගේම අහිංසකයන්ව එල්ලුම් ගස් යවෙන්නත් පුළුවනි. පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනා එල්ලුම්ගස් යැවීමට සුදුසු උන් කියලයි මට නම් හිතෙන්නේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

