මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම සඳහා සිදු කළ අදහස් ක්‍රියාත්මක විය යුතු බව සෝමාවතිය රජමහා විහාරාධිපති සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය පහමුණේ සුමංගල හිමියෝ අවධාරණය කළහ.
ජාත්‍යන්තරය රටේ සෑමදෙයකටම විරුද්ධ වන බවත්, රට විනාශ වී තිබෙන්නේ ජාත්‍යන්තරය නිසා බවත් අද (18දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ පවසා සිටියහ.
සෝමාවතිය පුද භූමියේ ඇසල පෙරහර මේ මස 25, 26, 27 යන තෙදින තුළ පැවැත්වෙන බවත්, සෝමාවතිය පුද භූමියට මත්පැන්, මත්ද්‍රව්‍ය රැගෙන එම සපුරා තහනම් බවත් ඒ හිමියෝ පවසා සිටියේය.
මෙම නීතිය උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පූජා භූමියේ ආරක්ෂාවට සිටින පොලීසියට සහ හමුදාවට උපදෙස් ලබා දී තිබෙන බවද උන්වහන්සේ අවධාරණය කළහ.