මරණ දඬුවමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණොත් එය ක්‍රියාත්මක කරනවා
මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කළ ඉකුත් යුගයේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා තමා වුවද ඒ කිසිවෙකුට ප්‍රතිප්‍රහාර සිදුකිරීමට තමා කටයුතු නොකළ බවත් මාධ්‍ය නිදහස මේ රටේ තාරණ්‍යය ද උපරිමයෙන් භුක්ති විදිමින් සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තාරණ්‍යය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප්‍රසාද දිනා දීම වෙනුවෙන් තම පාලන කාලය තුළ විශේෂ වැඩකොටසක් ඉටු කළ බවදා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ (20දා) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතින්ගේ සංවිධානයේ තෙවැනි සමුළුව අමතමිනිි.
තරුණයන් දේශපාලනයට පිවිසෙන්නේ නම් ඔවුන් උගතුන් විය යුතු අතරම පරමාදර්ශී චරිත ද විය යුතු බවත් උගතුන් සිටින රටක ගැටලු අවම වන බවද ජනපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මත් උවදුරෙන් මේ රටේ තරුණ පරපුර ගලවා ගැනීම සඳහා තමා දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා තින්දු කළ ද ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු වූ බවත් එහි තීන්දුවට තමාට හිස නැමීමට සිදුවන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
යම් හෙයකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව එම නඩු තීන්දුව ලැබුණහොත් තම නිල කාලය අවසන් වීමට පෙර රටේ තාරණ්‍යය වෙනුවෙන් එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හෝ මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරන බව ද ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

popular news
-
Champa Monday, 21 October 2019 06:50 PM
මොලේ අමාරුවක්. මත්ද්‍රව්‍ය උවදුර නැති කරන්න තරුණයන් වෙනුවෙන් කරන්න තිබ්බේ රටට මත්ද්‍රව්‍ය එන මාර්ග අහුරන එක. නැතුව යන යකා කොරහ බිඳගෙන යනවා වගේ ගෙදර යන ගමන් මිනිහෙක් එල්ලලා මරල අත්වල ලේ තවරා ගෙන විසල් එකක් ගහගෙන ගෙදර යන එක නෙමේ.
Reply : 2 1
Deepal Nirosh Tuesday, 22 October 2019 10:47 AM
පුළුවන් ඉතින් ආයි ඡන්දයකට ඉදිරිපත් වෙන්නෙ නැහැ නෙව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

