මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ
තමා විදේශ ණය ලබාගෙන නොමැති බවත් පසුගිය ආණ්ඩු ලබාගත් විදේශ ණය වලින් සෑම වසරකම ඩොලර් බිලියන 6.3 බැගින් ගෙවීමට ඇති බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.
මොනරාගල, සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීමේ උත්සවයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ කතාව
"විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නේ නෑ. මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු 02ක ඇතුළත. ඩොලර් බිලියන් 6.3ක් අපි සෑම අවුරුද්දෙම ණය ගෙවිය යුතුයි. මේ ණය පසුගිය ආණ්ඩු ගත්තේ. සංවර්ධනය වෙන්න පුළුවන්, වෙනත් කරණාවලට වෙන්න පුළුවන්. නමුත් මේ ණය අපි සෑම අවුරුද්දකම ගෙවිය යුතුයි.
අපට සංචාර ක්ෂේත්රයෙන් එන අදායම කොවිඩ් වසංගතය නිසා නැති වුණා. අපේ ශ්‍රමිකයන් ගිහිල්ලා පිටරට වැඩ කරලා ඒ එවපු මුදල් අපට නැති වුණා. අපට 2020 පළමුවෙනි කාර්තුවේදී අපනයනවලින් ලැබෙන මුදලත් නැති වුණා. නමුත් දැන් අපේ අපනයන ආදායම ඉතා හොද මට්ටමේ පවතිනවා. අපි අපේ ශ්‍රමිකයන් විශාල වශයෙන් නැවත රැකියා සඳහා යවනවා.
මම මේ තත්ත්වය දැනගෙන විදේශ විනිමය පාලනය කර ගැනීම සඳහා අවුරුදු එකහාමාරකට ඉස්සෙල්ලා වාහන අනයනය කරන එක නැවැත්තුවේ. සුඛෝපභෝගි භාණ්ඩ ගෙනෙන එක නැවැත්තුවේ. මේ රටේ නිෂ්පාදන කරන්න පුළුවන් භාණ්ඩ අපනයනය නැවැත්තුවා. හිඟ තත්ත්වයක් ඇති නොවෙන්න දේශීයව නිෂ්පාදනය කිරීම අපි වැඩි කර ගත යුතුයි.
ඒ වගේමයි කහ ඇතුළු එවැනි භාණ්ඩ කීපයක් මම තහනම් කෙරුවා. කහවල මිල ඉතා අධික වුණා. සැමදෙනාම කහ වවන්න ගත්තා. දැන් අපි කහවලින් ස්වයංපොෂිතයි. අපි ධාන්‍ය වර්ග 16ක් නවත්තලා තියෙනවා. ඒවා මේ රටේ වගා කරන්නට පුළුවන්. කව්පි, මුංඇට මේ අපේ රටේ වගා කිරීමට හැකියාව තියෙද්දි ඇයි අපි අපේ සල්ලි පිටරට ගොවියෙක් දෙන්නේ.
දේශීය කර්මාන්තය හා දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීම තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය. එය තමයි අපි ඉදිරියට ගෙන යන්නට අවශ්‍යය. විවෘත ආර්ථිකයත් සමඟ දේශීය කර්මාන්ත වැහිලා ගියා. අපට ලෝකයේ අනික් රටවල් සමඟ සම්බන්ධ නොවී ඉදිරියට යාමට නොහැකියි. ඒ අයගේ තාක්ෂණය අප ලබා ගන්න ඕනෑ, දැනුම ලබා ගන්නට ඕනෑ, වෙළඳපොළ ලබා ගන්නට ඕනෑ. නමුත් දේශීයව අපිත් නිෂ්පාදනය කරන්නට ඕනෑ."
popular news
-
Atul Rathnayake Saturday, 08 January 2022 11:51 AM
"widesha naya aragena na" newyi... kawruth naya denne na. ekayi aththa.
Reply : 0 0
samson de silva Sunday, 09 January 2022 02:40 AM
Mama sathayakwath naya aragena nehe. Onna ekata magey aiyayi, malayayi. Ara Bangali desaya kiyana ratenuth, Indiawenuth gihin hingagaena aawaa. Aiya Malo dedenaa hingaagena ewith mata denawaa. Ekata man monawaa karanada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

