මහ මැතිවරණය සදහා තමන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වතු කම්කරුවන්ගෙන් ඡන්දය ඉල්ලන්නේ වතු කම්කරුවන්ට ගතවු වසර 4 ½ තුළ උපරිම සේවාවක් සිදු කල බව හිටපු අමාත්‍ය සහ සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක පලනි දිගම්බරම් මහතා පැවසිය.
ජාතික සමගි ජනබලවේගයේ මැතිවරන ප්රචාරක කටයුත්තක් ඊයේ (04) දින හැටන් ප්‍රදේශයේ පැවති අවස්ථාවේ පලනි දිගම්බරම් මහතා ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පලනි දිගම්බරම් මහතා ,
ඉකුත් රජය සමයේ වසර 4 ½ වැනි කෙටිකාලයක් තුළ වතු කම්කරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කල නිවාස යෝජනා ක්‍රමයට සමගාමිව වතුනිවාස දස දහසක් පමණ අලුතින් ඉදි කර එහි වතු කම්කරුවන් පදිංචි කල බවයි.
තමන් ආරම්භ කල තවත් නිවාස පන්දහසක පමණ වැඩ කටයුතු වත්මන් රජය මගින් සිදු කරමින් පවතින බවත් , තේ වතු ආශ්රිත වතු මාර්ග කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කල බවත් , වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් ගණනාවක් තමන් අමාත්‍ය ධුරය දැරු කාලයේ සිදු කර අවසන් කල බවයි.
තමන් වතු ආශ්‍රිතව අලුතින් ඉදි කල නිවාස වතුකරයේ මැතිවරණය සදහා තරඟ කරන ඇතැම් ද්‍රවිඩ අපේක්ෂකයන් එය කුරුලු කඩු බවට හදුන්වන බවත් , එම අපෙක්ෂකයන්ගේ නායකයන් බලයේ සිටි කාලයේ වතුකරයට කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකල බවයි පලනි දිගම්බරම් මහතා කියාසිටින්නේ.
තමන් නායකත්වය දරන කම්කරු ජාතික සංගමය සහ ජාතික කම්කරු පෙරමුණේ ඊළග නායකත්වයට තම පුත්‍රයාව රැගෙන ඒමට කිසිදු අදහසක් තමන් තුල නොමැති බවත් , තමන්ගෙන් පසු එම පක්ෂ දෙකේ නායකත්වයට පිවිසෙන්නේ වතු කම්රුවෙකු හෝ වතු කම්කරුවෙකුගේ පුතෙකු බව පලනි දිගම්බරම් මහතා පැවසිය.
තමන් වතුකම්කරු පවුලකින් ඉපද දේශපාලනයට පිවිසි බවත් , තමන් හොදින් දුක හැදුනුවද තම පුතා දුක පිළිබදව නොදන්නා බවත් , දුක නොදන්නා අයෙකු දේශපාලනයට කිසිසෙත් සුදුසු නොවන බවයි පලනි දිගම්බරම් මහතා කියාසිටින්නේ.
වතුකරය නියොජනය කල වතුකරයේ හිටපු වෘත්තිය සමිති නායකයෙකුගේ පුත්‍රයෙකු සැප සම්පත් මැද ජිවත් වන අයෙකු බවත් , එවැනි අයෙකු මේ දිනවල වතුකරයට පැමිණ තම පියා වෙනුවෙන් වතු කම්කරුවන්ගෙන් ජන්දය ඉල්ලා සිටින බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
