තමන් නොමැතිව මහ මැතිවරණයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂයට කිසිසේත් ජයග්‍රහණය කල නොහැකි බව ජාතික සමගි ජනබලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක සහ හිටපු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය.
පලනි දිගම්බරම් මහතා අද (26දා) දින හැටන් නගරයේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.
මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතාගේ ක්‍රියා කලාපය හේතුවෙන් තමන් එක්සත් ජාතින පක්ෂය අතහැර ජාතික සමගි ජනබලවේගයට එක් වු බවයි.
ඉකුත් රජය සමයේ වතුකරයේ ජනතාවට වසර 4 ½ කාලයක් තුළ සංවර්ධන කටයුතු රාශ්‍රියක් සිදු කල නිසා වතුකරයේ ජනතාව තමන් නියෝජනය කරන ජාතික සමගි ජන බලවේගයට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දිමට මේ වන විට සුදානම්ව සිටින බවයි දිගම්බරම් මහතා කියා සිටින්නේ.
මැතිවරණ ජයග්රහණයෙන් පසු තමන් කිසිසේත් ජාතික සමගි ජනබලවේගය හැර නොයන බවත් , රටේ පාලන බලය ජාතික සමගි ජන බලවේගය අනිවාර්යෙන්ම ලබා ගන්නා බවත් පලනි දිගම්බරම් මහතා මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටිහ.