මම කවදාවත් දේශපාලනයට එන්නේ නෑ - සංගා තහවුරු කරයි
තමන් කෙඳිනකවත් දේශපාලනයට නොපැමිණෙන බවත් ඒ පිළිබඳව කිසිම කැමැත්තක් නොමැති බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.
සිය ෆේස්බුක් ගිණුමට ඊයේ ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ තමා දේශපාලනයට පැමිණීමට නියමිත බවට වාර්තාවන තොරතුරු පිළිබඳව තමා උනන්දුවූ බවයි.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුව සිය පළමු අවධානය තමන් වෙනුවෙන් වසර ගණනාවක් කැප කළ පවුල වෙනුවෙන් පූර්ණ වශයෙන් යොදවා ඇති බවත් ඔහු පවසයි.
තමන්ට කිසිම ආකාරයක දේශපාලන උනන්දුවක් නොමැති බවත් දේශපාලනය හා ජනතා සේවය ඉතාමත් වගකීමෙන් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

popular news
-
S.Nawalage. Monday, 13 August 2018 12:34 PM
ආදරණීය සංගක්කාර සොයුර! පසු ගිය දිනවල ඔබ ගැන සමාජ මාධ්‍ය ජාලවල බොහොම ලොකු උනන්දුවක් තිබුන ඔබ දේශපාලනයට ඇතුල් වෙන්න උනන්දුවක් දක්වන බවට නන් අයුරින් ඉඟි පලවෙලා. නමුත් ඔබ ඒ සියලු ඉඟි ඛණ්ඩනය කරමින් ගත් අතිශය බුද්ධිමත් තීරණය වෙනුවෙන් සොයුර, මගේ හිස්වැස්ම ඉවත් කරමින් ඔබට ආචාර කරමි!!! තව ද මා දුටු /ඇසූ ඔබගේ බුද්ධියේ නිම්වළලු ප්‍රසාරණය කළ මුල් අවස්තාව ඔබ 2011.07.06 දින එංගලන්තයේ දී පැවැත්වූ සර් කොලින් කවුඩ්රි දේශනයයි. මේ ඒ හා සමානම දෙවන අවස්ථාව සේ දකිමි. ඔබට විශ්ව ශක්ති යේ බලයෙන් ජය, සතුට හා සාමය උදාවේවා!!!
Reply : 0 2
chris Monday, 13 August 2018 03:53 PM
එංගලන්තෙ සුද්දෙක් සංගට කිව්ව නම් එංගලන්තෙ පාර්ලිමේන්තු චන්දෙට ඉල්ලන්න කියල ,එහෙනම් හරි රෙස්පෙක්ටබෙල් විදියට කන් දෙක උල් කරගන කැමති වෙන්නෙ. උපන් රටට ආදරයක් නැති මිනිස්සු .
Reply : 1 0
Ada Monday, 13 August 2018 06:27 PM
ඉතා නිවැරැදි තීරණයක් ලෙස මා දකිමි..
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

