මෙවර පැවැත්වෙන මහ මැතිවරණයේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුට අයත් පොස්ටර් , මනාප අංකය සදහන් අත් පලදනා සහ මනාප අංකය සදහන් මුද්‍රණය කරන ලද අත්පත්‍රිකා තොගයක් නානුඔය පොලිසිය මගින් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.
නුවරඑලිය සිට මිපිලිමාන දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක මෙම පොස්ටර් තොගය , අත්පලදනා සහ අත්පත්‍රිකා තොගය ප්‍රවාහනය කරමින් තිබු බවයි නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියාසිටියේ.
පොස්ටර් දහසක් , මනාප අංක සහිත අත් පලදනා හයසියක් , මනාප අංක සහිත අත් පත්‍රිකා අටසියක් , බස් රථය සහ බස් රථයේ අයිතිකරුව පොලිස් භාරයට ගෙන ඇති බවත්, එම සැකකරු (05) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.
