පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ රාජ්‍ය ආමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතාගේ රියදුරෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (29දා) පෙරවරුවේදී මෙම සිදුවීම සිදුව ඇත. මිරිහාන පොලීසියට 119 අංකය ඔස්සේ ලැබුණ තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුර වී ඇතැයි පොලීසිය පවසයි.