ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විශ්‍රාම වැටුපක් ලැබිමට වසර දහයක් සේවය කළයුතු බවට වු යෝජනාව පොදු ජනතාව අතර ජනප්‍රිය තීන්දුවක් යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා පවසයි.
ගාල්ල හපුගල දී ඊයේ (14දා) පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය. මන්ත්‍රිවරයා තවදුරටත් මේ පිළිබද අදහස් දක්වමින් මෙසේද කිවේය.
“ජනතාව කියන්නේ මේ යෝජනාව බොහොම හොදයි. ඔය මන්ත්‍රිවරුන්ට මුකුත් නැතිවුණොත් තවත් හොඳයි කියලා. අනේ අපොයි බොහොම හොඳයි කියා මේ අවස්ථාවේ අත්පුඩි ගහනවා. එමෙන්ම රටට අවශ්‍ය දැනුම තියෙන සම්පත් එකතු කරගැනිමේ දී මෙය බාධාවක් වෙන්නත් පුළුවන්.
අපි හරි කැමතියි මන්ත්‍රිවරුන්ට පඩිදෙන්න හොද නැහැ, වෙනත් මුකුත් දෙන්න හොද නැහැයි කියනවාට. තීන්දු ගන්නා විට ජනප්රියභාවය එම තින්දුවල තියෙන්න ඕන. අනික් පැත්තෙන් දිගු කාලිනව රටේ ඉදිරි ගමනට දායකත්වය දිය හැකි පරිසරය නිර්මාණය කරන තීන්දුවෙන්න වෙන්න ඕන. එම නිසා මේ තීරණය හොදයි කියන්නත් බැහැ, නරකයි කියන්නත් බැහැ.
පාර්ලිමේන්තුව ඇයි මෙම තත්වයට වැටිලා තියෙන්නේ. පාර්ලිමේන්තුවට එන්න කැමති නැහැ වෘත්තිමය අනාගතයක් තියෙන අය. තමන්ගේ වෘත්තියමය අනාගතය ඉවරයි දේශපාලනයට ආවොත්. ඒ නිසා ජනතාව කථා කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන. ව්‍යාපාර ගැන.
වෘත්තිය අහිමිකරගෙන දේශාපලනයට පිවිසිම තුළින් ජිවිත්වීමට නොහැකියාවක් කියා තවදුරටත් තේරුම්ගියහොත් වෘත්තියවේදින් කවුරුවත් දේශාපලනයට එන එකක් නැහැ. වෘත්තියක් අහිමිකරගෙන දේශපාලන එන අයට මේ විශ්‍රාම වැටුප ජිවත්වෙන්න පුළුවන් විශ්‍රාම වැටුපක් නෙවෙයි. එක් අතකින් සිංගප්පුරු පාර්ලිමේවන්තුවේ ඉන්නේ ඉහළ සුදුසුකම් තියෙන කණ්ඩායමක්.
ඒ අයට ඉහළ සුදුසුකම් තියෙනවා වගේම පඩියක් ගෙවනවා. ඒ අයට රටට කරන සේවය ගැන ඇගයිමක් වෙනවා. අපේ එහෙම නැහැ. ඒ නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. අයවැය ගැන ධනාත්මකව බලන්න අපි සුදානම්” යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.