මොනරුන්ගෙන් ගොවින්ට බාධා
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා මධ්‍යම පළාතේ වැඩිම එළවළු තොග සපයන නාඋල - අඹන මහවෙල්යායේ ගොවිහු සියගණනක් වු මොනර රංචුවක් හේතුවෙන් ගැටළු රැසකට මුහුණ දි ඇතැයි පවසති.
බිම් ප්‍රමාණයෙන් අක්කර 500 කට ආසන්න පමණ මහ වෙල්යායේ වාර්ෂිකව සිදුවන එළවළු වගාවන් වලින් දිනකට කිලෝ පනස් දහසකට වැඩි ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යැවෙන බව පැරකුම් ගොවි සංවිධානය කියා සිටියේය.
වාර්ෂිකව වගා කෙරෙන එළවළු වගාවන් සියල්ලම පාහේ මේ වන ව්ට මොනරුන්ගේ ආක්‍රමණයට නතු වී ඇති බවත් ඇතැම් ගොවීන් සිය වගාවන් ආරක්ෂා කර ගැනිම සඳහා විශාල මුදලක් වැයකරමින් වගා භූමි ආවරණය කිරිම සඳහා මාළු දැල් යොදා ඇති බවද අඹන වෙල් යායේ සංචාරයක නිරත වු අපට දක්නට ලැබිණි.
අඹන මහ වෙල් යායට බලපා ඇති මොනර උවදුර සම්බන්ධයෙන් ඇලහැර වනජීවි කාර්යාලයෙන් විමසීමක් කළ අතර එහි උසස් නිලධාරියකු කියා සිටියේ වගාවන්ට හානි සිදුකරන මොනරුන්, රිළවුන් හා වල් ඌරන් වැනි සතුන් පලවා හැරිම සඳහා විශේෂ ක්‍රමවේදයක් නොමැති බවයි.
කෙසේ වෙතත් සිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
නාඋල - ඉන්දික කුමාර


popular news
-
Champa Monday, 14 January 2019 08:09 PM
මොණරුන්ගේ පින්තූර තියෙයි කියල බැලුවේ, කෝ නෑනේ. මොණරු කියන්නේ අහිංසක කුරුල්ලෝ ජාතියක්. මොණරු ගෝවා කනවද කියලා මම දන්නේ නැහැ. වැඩිපුර කන්නේ කූඹි, පොඩි පොඩි සත්තු, චූටි කටුස්සෝ, ඇට වර්ග, පලතුරු, සහ මුකුත්ම නැත්නම් තණකොළ සහ පැලැටි. සත්තුන්ට දැන් කන්න කෑම නැහැ. කැලා එලිකරගෙන මිනිස්සු කැලා අල්ලාගෙන මදිවට මිනිස්සුත් ලෝබකමට සත්තුන්ට ඉස්සර වගේ කෑම දෙන්නේ නැහැ. ඉතින් වගා බිම් වලට කඩා වදිනවා. අපිට වගේම ජීවත් වෙන්න සත්තුනටත් කෑම එපෑය දෙයියනේ. මේ පරිසරය මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් අයිතියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

