මිනීමැරුම් සංස්කෘතිය රටට හඳුන්වාදුන්නේ එජාපයයි - නාමල්
අනීෂා මානගේ
ප්‍රේමදාස න්‍යාය පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය විසින් පිළිඅරගෙන තිබෙනවා මිනීමැරුම් සංස්කෘතිය මේ රටට හඳුන්වාදුන්නේ ප්‍රේමදාස මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද(30) බෙලිඅත්ත පලපොත ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
නාමල් රාජපක්ෂ,
එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ගැන අපි සහ මේ රටේ ජනතාවගේ කිසි කලබලයක් නැහැ. අද රටේ ප්‍රධාන ජනමතය තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරු එක්ක කියන එක මේ රටේ ජනතාව පිළිඅරගෙන ඉවරයි. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්තයාව පරදවලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කෙරෙහි මේ රටේ බහුතරයකගේ දැඩි විශ්වාසයක් තිබ්බා. ඒ වගේමයි ඊට එහා ගිය විශ්වාසයක් මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා කෙරෙහි තිබෙනවා. ඒ විශ්වාසය උඩ මේ පාර්ලිමේන්තු මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයෙන් බෙදිලා ගිය කණ්ඩායමට අත් වෙන්නේ අන්ත පරාජයක්.
අරලියගහ මන්දිරයේ නම ඉස්සරහ ගහගෙන ගියාට ඒ අය දඟලන්නේ සිරිකොත අල්ලගන්නයි. කවුරුහරි කමක් නැහැ දෙන්නගෙන් එක්කෙනෙක් සිරිකොත අල්ලගෙන බේරෙයිනෙ. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ගැටළුවක් නිසා අපි එච්චර කලබල වෙන්නේ නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙක් පැහැදිලිව කියනවා රණසිංහ ප්‍රේමදාස මහත්තයා එල්ටීටීඊ එකට තුවක්කු දුන්නා කියලා. මෙතෙක් කල් ඔවුන් ප්‍රසිද්ධ මාධ්‍යයක පිළිගත්තේ නැහැ. ඒක යට ගැහුවා. හැබැයි අද පිළිගන්නවා එල්ටීටීඊ එකට තුවක්කු දුන්නා කියලා. එහෙමනම් ඔහු අද පිළිගන්න ඕන හමුදාවේ දහස් ගණනක් ඝාතනය වුණේ ඒ තුවක්කුවලින් කියලා. ඊට එහාට ගිය බැරූරුම් කාරණයක් ඒ ප්රකාශනයේ තිබෙනවා. ඉන්දියන් හමුදාව ඝාතනය කරන්න දුන්නා කියලා. රණසිංහ ප්‍රේමදාස මහත්තයා දකුණේ කළෙත් ඔය වැඩේම තමයි. දකුණේ ජනතා විමුක්ති පෙරමුණයි හමුදාවයි හප්පලා තරුණයෝ හැටදහසක් ඝාතනය කරගත්තා. ඒකෙදි අපි දන්නවා එදාත් ජනතා විමුක්ති පෙරමුණ යටින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක ගණුදෙනු කළා. දකුණේ තරුණ අසහනයට රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ පිළිතුර තිබුණේ තුවක්කු දීලා වදකාගාරයට දාලා මරණ එකයි. එතුමාගේ මැතිවරණ වේදිකාවේ ඉන්දියන් හමුදාව ආපිට හරවා යවනවා කියන පොරොන්දුව ඉෂ්ඨ කරන්න එල්ටීටීයට තුවක්කු දීලා ඉන්දියන් හමුදාවයි අපේ රණවිරුවොයි ඝාතනය කළා. ඕක තමයි ප්‍රේමදාස න්‍යාය. ප්‍රේමදාස න්‍යායයේ යතාර්ථය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ ඇමැතිවරයෙක් ප්‍රසිද්ධ මාධ්‍යයේ පිළිගැනීම ගැන අපි සතුටු වෙන්න ඕනෑ. මේවා ජාත්‍යන්තර අර්බුදයකට යන්න පුළුවන් ප්රකාශනයක්. ප්‍රේමදාස න්‍යාය පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය විසින් පිළිඅරගෙන තිබෙනවා මිනීමැරුම් සංස්කෘතිය මේ රටට හඳුන්වාදුන්නේ ප්‍රේමදාස මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය කියන එක යැයිද කීවේය.

popular news
-
Appochchi Tuesday, 30 June 2020 03:49 PM
Naha ohege appa minimaru sandkruthiya witharak nemei.Ahinsaka ganu winasakale appala puthala ekathuwela. Ohealage mulu pawlama merata vaduna lokuma pilikawai.
Reply : 0 1
Don Wednesday, 01 July 2020 12:30 AM
Who killed Thaajudeen and Lasantha Wickrematunga? is it the UNP? Karuna and KP bribed Rajapaksas with ?money and ?gold to become the Deputy Chairman of the SLSP. Is he supported by these thugs if elected to parliament?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

